යාපනය අන්තර්ජාතික සිනමා උළෙල හෙට සිට…

5 වන වරටත් පවත්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 3 (හෙට) සිට 9 වනදා දක්වා යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට සිට මැජස්ටික් සිනමා සංකීර්ණයේදී , බ්‍රිතාන්‍ය කවුන්සිලයේදී , යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශාලාවේදී සහ ඇමරිකානු මධ්‍යස්ථානයේදී උළෙලට අයත් සිනමාපට ප්‍රදර්ශනය වීමට නියමිතයි.

යාපනය සිනමා උළෙල තුල පසුගිය වසරවල සේම වැඩි ඉඩක් ස්වාධීන සිනමාකරුවන් වෙනුවෙන් වෙන් වීමට නියමිතයි.

මෙවර උළෙල ආරම්භ කරන පළමු චිත්‍රපටය ලෙස ජර්මානු චිත්‍රපටයක් වන ‘Transit’ ප්‍රදර්ශනය වීමට නියමිතයි. එමෙන්ම අවසාන චිත්‍රපටය ලෙස විසාකේස චන්ද්‍රසේකරම් ගේ ‘පාංශු’ තිරගත වීමට නියමිතයි.

බොහෝ සම්මාන උළෙලවල්වලට විශේෂ වන වැඩමුළුවක් යාපනය උළෙල තුලද සංවිධානය වන අතර එය මෙහෙයවන්නේ බ්‍රිතාන්‍ය තිර රචිකාවක් වන හෙලන් බ්ලේක්මන් සමඟින් අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ.

මෙවර උළෙලේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නේද අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *