ඩකා දිනූ ජගා

ඔහු රංගන ශිල්පියෙකු, ස්වාධීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකු ලෙස නාට්‍ය, චිත්‍රපට සහ රූපවාහිනිය යන ක්ෂේත්‍රවල දශක දෙකකට වඩා  වැඩි පළපුරුද්දක් දරයි.

ජගත් මනුවර්ණ නළුවෙකු ලෙස 2014 දී කර්ම සහ නිකිණි වැස්ස,

2019 දී දැකලා පුරුදු කෙනෙක් සහ ගින්නෙන් උපන් සීතල,

2020 දී පාංශු සහ තිරගත වීමට නියමිත ආයු ඔහුගේ රිදී තීරණයේ නිර්මාණ අතර වෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ මෙම දුර ගමන ආරම්භ වූයේ 2006 වසරේ දී SPECK OF FIRE යන කෙටි චිත්රපටය සමගය, එම කෙටි චිත්‍රපටය එම වසරේ ගරිල්ලා කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නවා. 

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ මෙම දුර ගමන ආරම්භ වූයේ 2006 වසරේ දී SPECK OF FIRE යන කෙටි චිත්රපටය සමගය, එම කෙටි චිත්‍රපටය එම වසරේ ගරිල්ලා කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නවා. 

Water Lilly, 2011 වසරේදී  ඔහුගේ දෙවන කෙටි චිත්‍රපටය  නිකුත් වූ අතර, 2011 වසරේ Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේ මානව හිමිකම් සම්මානය සහ Derana චිත්‍රපට උළලේ  හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගත්තේය.

Playing Cards, ඔහුගේ තුන්වන කෙටි චිත්‍රපටය 2012 දී Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපට ලෙස පිළිගැනීමට ලක්විය.

Whispering Mountains නැතහොත් රහස් කියන කදු ඔහුගේ පළමු විශේෂාංග දිගු අධ්‍යක්ෂණය වේ.

බංග්ලාදේශයේ දි පැවති 22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ  ආසියානු තරගකාරී අංශයේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකර ගන්නේ මේ අපුරු කවුරුත් දන්නා රහසටයි. රහස් කියන කදු මිට පෙරද අන්තර්ජාතික සමාන රැසක් හිමිකර ගත්තා.

1970 | 1989 | 1983 සහ සිවිල් යුද්දය යන, කැරලිවලට මුල් වූ හේතු නොවිසඳුණු අතර මෙම මර්දනයන්හිදී මියගිය හෝ  අතුරුදහන් වූ තරුණයින්ගේ ශෝකයට පත් පවුල්, තවමත් තම පවුලේ සාමාජිකයින්ට යුක්තිය සොයමින් සිටින අතර, බොහෝ දුක්විඳින දෙමාපියන් තවමත් තම දරුවන් නිවසට එනතුරු බලා සිටී.

චිත්‍රපටය උත්සාහ කරන්නේ මේ කාලයේ තාඩන පීඩනවලට ලක් වූ තරුණයන්ට එරෙහි ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය සහ එයින් දිවි ගලවා ගත් අය තුළ ඉතිරි වූ දුක් වේදනා සහ කම්පනය හෙළි කිරීමට ය.

කෙසේ වෙතත් ජගත් මනුවර්ණයන් අප හෙළවුඩ් සිනමාවට වටිනා අදියුරු සම්පතකි. ඔහුට තව තවත් මෙවැනි නිර්මාණයන්  සිදු කිරීමට ධෛර්ය ලැබේවා.

ජගත් ඔබට ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *