වසර 39 කට පසු ” මාරියා ”

වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ති‌බෙනවා.

ලොව පැරණිම අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර මුල්ම සිනමා උළෙලවල් දෙක නියෝජනය කරනු ලබන රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන ” මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල ” (MIFF ) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලකි .

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි තරඟකාරී අංශ නියෝජනය කිරීමට අනුර ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍ර පටය සුදුසුකම් ලබා තිබෙනවා.

තවද , ” මාරියා” චිත්‍රපටයේ අන්තරජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලේදීම සිදු කිරීමට කටයුතු සම්පාදනය කොට ඇති බව මේ වන විට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *