Gold බලන්න අද තරංගනී එන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , ඊයේ දිනයේ සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.

මෙම සිනමා උළෙලේ ප්‍රමුඛ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා බැඳුණු සාහිත්‍යය වැඩි දියුණු කර පෝෂණය කිරීමයි. ඒ සඳහා අවශ්‍යය ජවය ලබා දෙන්නේ PEO TV වෙතින්. එම කාර්යයට සයිබර් මාධ්‍යය අවකාශය සලසා දෙන්නේ හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව තුලින්.

අද පෙන්වන්නේ GOLD චිත්‍රපටය. දවල් 2.30 වෙද්දී ආරම්භ කරන්නයි සැලසුම. අපේ ක්‍රීඩාව ගැන කතිකාවතකුත් මේ අතරම සිද්ධ වෙනවා.

ධෛර්ය සම්පන්න ඉන්දියානු ජාතික හොකී කණ්ඩායම තමන්ගේ සිහින ඔලිම්පික් රන් පදක්කම හඹා යාමේ කතා පුවත GOLD හි අන්තර්ගත වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *