එකම චරිතය නළුවන් තිදෙනෙක් සමග රගපෑ ජුහී… ❤️

ජුහී චවුලා හිංදි වගේම දමිල, මලයාලම්, කන්නඩ, තෙලිගු, බෙන්ගාලි යන භාෂා රැසකින් තම හැකියාවන් පෙන්නූ අපූරු නිළියක්. හැබැයි ඇගේ හින්දි හැර අන් භාෂාවල චිත්‍රපට බොහෝමයක් ජනප්‍රිය වන්නේ නම් නෑ..එවැනි චිත්‍රපටියක් තමයි.Shanti Kranti කියන්නේ. මෙම චිත්‍රපටය තිරගත වන්නේ 1991 වසරේ දීයි. කන්නඩ, හිංදි, දමිල සහ තෙලිගු යන භාෂා 4කින්ම මෙය තිරගත වන අතර, මෙහිදී ඇය “ජෝති” නම් තරුණියගේ චරිතය නිරූපනය කලා.

මිනිස් ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ මාෆියාවෙහි යෙදෙන අපරාධකරුට එරෙහිව පොලිස් නිලධාරියෙකු සිදු කරන සටනක් වටා තමයි චිත්‍රපටය ගෙතෙන්නේ.

මෙහි කන්නඩ භාෂාවෙන් නිෂ්පාදිත චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ මෙම V. Ravichandran වන අතර ඔහු මෙම චිත්‍රපටයේ නිෂ්පාදක මෙනම අධ්‍යක්ෂක වරයාද වූවා.

තෙලිගු භාෂිත චිත්‍රපටයේ නළුවා වන්නේ Akkineni Nagarjuna ය. දමිල සහ හිංදි භාෂිත චිත්‍රපටයේ රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපනය කළ අතර මේ හැම චරිතයකම නම ස්පෙක්ටර් සුභාෂ් ය.ඒ වගේම මෙහි කන්නඩ ප්‍රතිනිර්මාණයේ සිටි ප්‍රධාන නලුවා වූ V. Ravichandran මෙහි අනෙක් හැම පතිනිර්මාණයකම සහය නලුවාගේ චරිතය නිරූපනය කලා වගේම අධ්‍යක්ෂණයෙන්ද නිෂ්පාදනයෙන්ද දායක වූවා.

මෙම හැම චිත්‍රපටියක් ක එකම අවුරුද්දේ මාස කිහිපයක් ඇතුලත තිර ගත වූවත්, මෙහි රූගත කිරීම් කටයුතු සිදු වී තිබෙන්නේ එකම කාලයේ දීයි. එකම චරිතය නළුවන් තිදෙනා සමගම ජුහීහට රග පෑමට තිබූ අතර එය ඇයට අදික වෙහෙස කර වූ කටයුක්තක් වූවා.. මේ නිසාවෙන්ම ඇගේ රංගනය අසාර්තක වූ අතරම චිත්‍රපටි 5ම ආදායම අතින් සාර්තක වන්නේ නෑ..නමුත් මේඅයුරින් එකම චරිතය නළුවන් කිහිප දෙනෙක් සමගම භාෂ් කිහිපයකින් රගපෑ නිළිය ලෙස ඇය ඉතිහාස ගත වනවා.

Indian Cinema Fan Club ~ භාරත සිනමා රසික සංසදයට සටහන ලියන්නේ එම්.එම්.පී රණවීර

https://www.facebook.com/photo?fbid=276189984200605&set=gm.3115933102002672

Leave a Reply

Your email address will not be published. Required fields are marked *