හුස්ම ගන්නා මතකයින්…..

Breathing Memories” කෙටි චිත්‍රපටය,

මෙය  දෙමල, සිංහල සහ මුස්ලිම් ජාතික නිර්මාණකරුවන් එකට එක්ව නිර්මාණය කරන කෙටි චිත්‍රපට මාලාවක එක චිත්‍රපටයකි.

අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් රංගනයෙන් දායක වන Breathing Memories කෙටි චිත්‍රපටය පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණා. සුදත් අබේසිරිවර්ධන විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ Breathing Memories කෙටි චිත්‍රපටය Vadamalai Rajkumarගේ නිෂ්පාදනයක්. චිත්‍රපටයේ කතාව දිවෙන්නේ යුද්ධයෙන් පසු සහජීවන වැඩමුළුවකදී හමුවන සිංහල තරුණයෙකු සහ දෙමල තරුණියක අතර සිදුවන සිදුවීම් ඇසුරෙන්…

විශේෂයෙන්ම, මෑතකාලීනව ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙකු වන අකලංක ප්‍රභාෂ්වරගේ වෙනස්ම ආකාරයක රංගනයක් Breathing Memories තුළින් ඔබට දැකගන්න ලැබෙනවා. Rashika Arulchelvamගේ රංගනයත් ඊට දෙවෙනි නැහැ. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන කුලරුවන් ගමගේව පැසසිය යුතුමයි.

අධ්‍යක්ෂක සුදත් අබේසිරිවර්ධන, තමන්ගේ නිර්මාණය ඇතුළේ ට්‍රයි කරපු සංකේත භාවිතය නිසාම මෙහි uniqueness ගතිය තවත් වැඩි වී තිබෙන බවයි මගේ පෞද්ගලික අදහස වෙන්නේ. ඔහුගේ තිර පිටපත ආරම්භයේ සිටම බොහොම සියුම් සහ තියුණු විදිහට ගලාගෙන යනවා. කෙටි චිත්‍රපට වෙනුවෙන් බොහොම පොදු මාතෘකාවක් ඔහු වෙනස්ම ආකාරයකට ඉදිරිපත් කරලා තිබෙනවා.


නිර්මාණකරුවන් කියන විදිහට Breathing Memories කියන්නේ දෙමළ, සිංහල සහ මුස්ලිම් ජාතික නිර්මාණකරුවන් එකට එක්ව නිර්මාණය කෙටි චිත්‍රපට මාලාවක පළමු පියරවලු! මෙය Trinco Creation ඉදිරිපත් කිරීමක්.

මෙම චිත්‍රපටය සඳහා දායකත්වය මේ ආකාරයට වේ.

රංගනය – අකලංක ප්‍රභාෂ්වර

               රශිකා අරුල්චෙල්වම්

අධ්‍යක්ෂණය හා රචනය – සුදත් අබේසිරිවර්ධන

නිෂ්පාදක – වඩමලෙයි රාජ්කුමාර්

කැමරා අධ්‍යක්ෂණය – කුලරුවන් ගමගේ

සංස්කරණය – සංඛ මල්වත්ත

සංගීතය – චින්තක ජයකොඩි

නිෂ්පාදන සම්බන්ධීකරණය – අනන්ත රාමනන්

රංග වින්‍යාශය – ප්‍රදීප් රාමවික්‍රම

නිෂ්පාදන සැලසුම – ජොෂුවා හෙබී

කලා අධ්‍යක්ෂණය – ආර්ට් කෑම්ප්

වේෂ නිරූපනය – පාලිත අබේලාල්

සහය අධ්‍යක්ෂණය – ප්‍රමෝද් එදිරිසිංහ

නිෂ්පාදන කළමණාකරනය – චාමර ගමඇතිගේ

ප්‍රචාරණ සැලසුම් – සමීර වීරසේකර

සිනමාලෝලී හැමෝටම Breathing Memories නරඹන්න ආරාධනා කරනවා!

සටහන සිනමාවේදීන් සිනමා සමුහටයට ලියන්නේ කවිණු විරක්කොඩ් සහෝදරයා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *