14 වැනි ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී ගාඩි සම්මාන ලබයි

ආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන  ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී සංස්කෘතික විවිධත්වය සහ  සුරැකිමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ඨතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධනයෙන් පිරිනැමෙන සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ ගාඩි චිත්‍රපටයට හිමිව තිබෙනවා.

මෙම සම්මානය නොවැම්බර් 11වන දින ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 14 වැනි ආසියා පැසිපික් සිනමා සම්මාන උළෙලේ දී පිරිනැමීමට නියමිතයි.

රටවල් 70ක් ඇතුළත් ආසියා පැසිපික් කලාපයෙන් ඉදිරිපත් කළ චිත්‍රපට සහ ශිල්පීන් මෙවර නිර්දේශයන්ට සහ සම්මානයන්ට පාත්‍ර වී තිබෙනවා.

ශ්‍රී ලාංකීය චිත්‍රපට සහ ශිල්පින් මෙම සම්මානය සඳහා මිට පෙර සම්මාන වෙනුවෙන් නිර්දේශ වී තිබුණද සම්මානය හිමිවන පළමු අවස්ථාව මෙයයි.

සම්මානිත සිනමාපට අධ්‍යයක්ෂ ප්‍රසන්න විතානගේ තිර රචනාව ලියා අධ්‍යක්ෂණය කළ “ගාඩි” දසවැනි සිනමා නිර්මාණය වන අතර, කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූවක්.

ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ  ගාඩි නිෂ්පාදනය කර තිබෙන්නේ සන්ධ්‍යා සල්ගාදු, ඇලන් මැක්ඇලෙක්ස්, අජේ රායි, එච් ඩි ප්‍රේමසිරි, සහ ප්‍රසන්න විතානගේ විසින්.

“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි.

රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.

ගාඩි ළඟදීම මෙරට සිනමාශාලා වල තිරගත වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *