ද නිවුස්පේපර් PEO TV වෙත මුදා හරියි

පසුගියදිනක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මුණගැසුන මොහොතක News paper බැලුවාදැයි ඇසූ විට මා නිරුත්තර වූයේ සිනමා ශලාවකට ගොඩ වඳින්නට ඉඩක නොලද නිසාය. එහෙත් හිටි හැටියේම නිවසේ රූපවාහිනී නරඹන විට PEO TV චිත්‍රපට ගබඩාවට අලුතින් එය එක් කර තිබු බව දුටු විගස නිවැසියන් සියලුමදෙනා (6දෙනෙකු) ක්ෂණිකව කැඳවා චිත්‍රපටය නරඹන්නට සැරසුනේ එක් අයෙකුට රුපියල් 25ක් මාසික බිල්පතට යටත් කරමින්ය.

චිත්‍රපටය ඉතා රසවත් කතා තේමාවක් ඔස්සේ නිර්මානාත්මකව ගලා යන බව පෙනුනි. ප්‍රදාන නළුවන් දෙදෙනා චිත්‍රපටයේ තිර පිටපතේ මෙන්ම අදියුරු රාජකාරියේද හිමිකාරීත්වය දරයි. සරත් කොතලාවල මා මුලින්ම දුටුවේ රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේදීය. මගේ මතකය ගත් චරිතය “සොල්දාදුවා සහ සඳ එළිය” යි. කුමාර තිරිමාදුර මගේ මනසේ සක්මන් කරන්නට ඇත්තේ ජනාධිපති තාත්තා නාට්‍යයෙන් විය යුතුය.ඒ මුල් මනස් කලම්බනයට පසු විවිධ අවස්ථාවන්වල ඔවුන්ගේ ප්‍රතිභාන්විත රංගනයන් මා දැක ඇත. මෙම චිත්‍රපටයේ පිටපත අති විශිෂ්ට බව මුලින්ම කිව යුතුය. එය සමාජයේ බොහෝ තැන් වලට උස්සා පහර දෙමින් හතර හන්දි කඩා ඇත. එහෙත් ඔවුන් දෙදෙනා සිනමාත්මකව මෙහෙයවිය හැකි අද්‍යක්ෂවරයෙකු සිටියානම් තවත් යමක් සිදුවිය හැකිව තිබුණි. සිනමාරූප වලට වඩා නාට්‍යරූපී ගතිද මතුව තිබුනේ ඔවුන් වේදිකාවෙන් උපන් නෑ කම නිසා විය හැකිය.

කෙසේ වෙතත් මෙය සිනමාවට නව බලාපොරොත්තුවකි. නිෂ්පාදන වියදම අඩු කරගන්නට දැරූ වෙහෙස චිත්‍රපටය නරඹන විට ඇසට අසුවීම ද කණගාටුවකි. මෙය මගේ තෙළිගු මලයාලම් ඇබ්බැහිය නිසා වඩාත් තදින් දැනෙන්නට ඇත. Drawn shot වලට මුවා නොවී රූප සිනමා රූප වූයේ රස තවත් දෙගුණ විය හැකිව තිබුණි. The news paper නැරඹිය හැකි රසවත් සිනමා නිර්මාණයක් බව මගේ දැනුමේ හැටියට සටහන් කරනු කැමැත්තෙමි.එමෙන්ම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට මේ කතා රසය තේරුම් යාමම සතුටට කරුණකි.

ඒ දියවන්නාවේ රසිකත්වය ගැන අපිට යාන්තං වැටහෙන නිසාය. මෙහි සටහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ මෙලෙස චිත්‍රපට IPTV තාක්ෂණයෙන් HD රූප සහිතව නැරඹීමේ පහසුකම සිනමාවට නව අදායම් බලාපොරොත්තුවකි. එය මීටත් වඩා දියුණු වන්නේ නම් ප්‍රේක්ෂකයාට චිත්‍රපට නැරඹීමේ වැඩි අවස්ථාවක් මෙන්ම නිෂ්පාදකයාටද නොහිතන ආදායමක් ලැබෙනු ඇත. මෙයට බාදා වන්නේ නිෂ්පාදකයන් මුලා කරන රූපවාහිනී දෑන්වීම් මං කොල්ලයයි.(ඒ ගැන සවිස්තරාත්මකව වෙනම ලිවිය හැකිය.) මේ සියල්ල සමඟ මෙවැනි තව තව අලුත් චිත්‍රපට Covid සමයේදී නිවසට රැගෙන එන ලෙස අපි PEO TV මහත්වරුන්ට යෝජනා කර සිටිමු.

-Movie Pisso මූවී පිස්සෝ ෆේස්බුක් සාමුහිකයේ පළවූ අදහසක්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *