දයා විමලවීරයන් අවසන් වතාවට ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මොහොත (Video)

කලක් දැඩි ලෙස රෝගාතුර වුවද ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීමට PEO TV සමඟින් හෙළවුඩ් POPCORN අමතක කළේ නැහැ. 2019 ජනවාරි 23 වන දින හෙළවුඩ් POPCORN ජනගත කිරීමේ දිනයේදී එතුමා විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් ලැබුවා.

ගෞරව සම්මානය සඳහා හේතු දැක්වීම සිදු කළේ අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන විසින්. එම සම්මානය පිරිනැමීමට කටයුතු කළේ නීටා ප්‍රනාන්දු මැතිණිය සමඟින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිතුමන් වන කුමාරසිංහ සිරිසේන මහතා විසින්. එම ගෞරව සම්මානය බාර ගනු ලැබුවේ දයා විමලවීරයන්ගේ දියණිය විසින්.

සිනමාවේ ජ්‍යෙෂ්ටයාණනි, ඔබ පතනා මෝක්ෂයකට යාමට අපේ ප්‍රාර්ථනාව මින් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *