සුප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳ චිත්‍රපටයක් නිපදවන බවට පුවතක් කොලිවුඩයෙන් වාර්තා වුනේ සති කිහිපයකට කලින්.ඒ අනුව මෙහි මුරලිගේ චරිතය සදහා විජය සේතුපති රංගන දායකත්වය ගැන සැක පහල වූ නමුත් ඒ පිළිබඳ දැන් සැකයක් නොමැති බවද කොලිවුඩයෙන් වාර්තා වුනා.
එළඹෙන දෙසැම්බර් මාසයේදී මෙහි රූ ගත කිරීම් ආරම්භ වීමට නියමිත අතර මෙහි නිෂ්පාදකයා ගැනද අපූරු පුවතක් තිබෙනවා.
ඔහු වෙන කවුරුවත් නොවෙයි. ප්‍රේක්ෂකයා තදින් වැළඳගත් Bahubali චිත්‍රපටයේ රංගන ශිල්පී ‘රානා දග්ගුබාතී’. එම චිත්‍රපටයේ ‘භාල්ලාදේව’ ගේ චරිතයට පන පෙව්වේ ඔහු. ඔහු ප්‍රකට රංගන ශිල්පියෙකුට අමතරව දකුණු ඉන්දීය සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයෙක්.
මේ සමගම මුරලි 800 චිත්‍රපටයේ Fan Made පෝස්ටර් කිහිපයක්ද මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඒවා පහතින්.
-උදාර-



