ටැරන්ටිනෝ ගේ ‘Once Upon a Time in Hollywood’ සෙමෙන් ඉදිරියට

කුවින්ටින් ටැරන්ටිනෝ ගේ 9 වන සිනමා නිර්මාණය ‘Once Upon a Time in Hollywood’ ඉකුත් 26 වන දින සිට හොලිවුඩයේ තිරගත වීම ඇරඹුවා. ලොවක් අමන්දානන්දයට පත් කළ සුපිරි තරු යුගලක් වන බ්‍රැඩ් පිට් සමඟින් ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත 2 නිරූපණය කරනවා.

චිත්‍රපටය පළමු සතිය අවසන් කරන විට ඩොලර් මිලියන 30ක අදායමක් වාර්තා කර තිබුනා. ඒ ඇමරිකාවේ පමණක් ප්‍රදර්ශනයෙන්.

Once Upon a Time in Hollywood තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය අරඹා නැහැ. එය අගෝස්තු මස වන විට මෙරට තිරයට පැමිණීමට නියමිතයි.

හොලිවුඩයෙන් ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ටැරන්ටිනෝ මීට ඉහත චිත්‍රපට 10ක් පමණක් අධ්‍යක්ෂණය කොට තම සිනමා දිවිය නිමා කිරීමට සැලසුම් කලත් ඔහුගේ 9 වන චිත්‍රපටයෙන්ම සිනමා දිවිය නිමා කිරීමට සිතා සිටින බවකි. එය 100% තහවුරු කළ ප්‍රකාශයක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *