‘දඩයක්කාරයා’ හෙට සිට…

’28’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම ජූරි සම්මාන දිනූ ප්‍රසන්න ජයකොඩි ගේ ‘සංසාරේ දඩයක්කාරයා’ හෙට සිට දිවයින පුරා තිරගත වෙනවා. ඒ EAP මණ්ඩලයේ සිනමාශාලා වල.

සයිමන් නවගත්තේගම ශූරීන්ගේ නවකතාවක් ඇසුරින් චිත්‍රපටය නිෂ්පාදිතයි.

ස්වභාවධර්මයේ තත්වයන් යටතේ ‘කර්මය’ හැසිරීම ගැන ප්‍රසන්න ජයකොඩි රූපයෙන් පෙන්වා දුන් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක. සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ,ක්‍රිස්ටිනා බ්‍රිටෝ මෙහි චරිත නිරූපණයෙන් දායක වෙනවා.

කැමරාවෙන් විශ්ව බාලසූරිය , සංස්කරණයෙන් රංගන සිංහාරගේ සමඟින් ජීවන්ත ගුණතිලක , සංගීතයෙන් සුමුදු ගුරුගේ සහ වේශ නිරූපණයෙන් නාරද තොටගමුව දායකත්වය ලබා දී තිබෙනවා.

පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *