Sacred Games 2 එන්න සූදානමින්

Netflix මඟින් ඉන්දියාව තුල නිෂ්පාදනය කළ මුල්ම මාලා නාටකය (TV Series) වන Sacred Games හි දෙවැන්න මේ මස තුල නිකුත් කරන බව Netflix ආයතනය ප්‍රකාශ කරනවා. ඒ බව දැනුම් දුන්නේ එහි චරිත සමඟ කළ හඳුන්වාදීමේ වීඩියෝ පටයක්ද සමඟයි.

ඉන්දියාවේ ජනප්‍රිය නවකතාවක් වන වික්‍රම් චන්ද්‍ර ලියූ Sacred Games ඇසුරින් මෙම නාටක පෙල නිෂ්පාදනය වුනා. බොලිවුඩයේ සුප්‍රකට අධ්‍යක්ෂ දෙපලක් වන අනුරාග් කාශ්‍යප් සහ වික්‍රමාදිත්‍ය මොට්වානේ Sacred Games අධ්‍යක්ෂණය කළා. මෙහි පළමුවැන්න Netflix වෙත මුදාහැරුණේ 2018 වසරේ මුල් භාගයේදී. ඒ වෙත විශාල ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් හිමිවූ අතර ශ්‍රී ලංකාවේ බොහෝ TV Series ප්‍රේක්ෂකයන් විසින් Sacred Games තදින් වැලඳගත්තා. එමෙන්ම ඉන්දියාවේ Netflix වෙත නිකුත් වී පැය කිහිපයකින් ලංකාවේ තරුණයින් අතර එහි කොටස් 8ම වේගයෙන් සංසරණය වුණා.

එම කොටස් 8ම බටහිර මාලා නාටක මෙන් සිනමාත්මක ස්වරූපය ඉතා ඉහලින් තිබුනා. එහි ප්‍රධාන චරිත රඟ දැක්වූයේ සායිෆ් අලී ඛාන් , නවාසුදීන් සිද්දිකි සමඟින් රාධිකා ආප්තේ. මුම්බායි හි පොලිස් නිලධාරියෙකු වන සර්තාජ් සිං (සායිෆ් අලී ඛාන්) පාතාලයේ අග රජු වන ගනේෂ් ගයිතොන්ඩේ (නවාසුදීන් සිද්දිකි) විසින් උපක්‍රමශීලිව සම්බන්ද කරගනිමින් වෙන්නට නියමිත මහා අපරාදයක සුල මුල හෙළි කරගැනීමටදින 25ක් තුල දරන උත්සාහය මෙම කතාවට මූලික වී තිබේ. ඒ අනුව Season 1 හි එම අපරාද සැලසුම හෙළි කරගන්නා අතර ඉන් මතුවට වන සිද්ධි Season 2 හි අන්තර්ගත කොට ඇත.

Season 2 වෙත අලුතෙන් එකතු වන්නේ රන්වීර් ශෝරේ සමඟින් කල්කි කොෂ්ලින් යන නලු නිලි දෙපලයි. එමෙන්ම වික්‍රමාදිත්‍ය මොට්වානේ වෙනුවට නීරාජ් ගේවාන් අධ්‍යක්ෂණයට එක් වනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *