චීනය රෙගුලාසි ලිහිල් කරයි

හොං කොං රාජ්‍යයේ සිනමාපට සඳහා මෙතෙක් චීනය පවත්වාගෙන ගිය නීති සහ රෙගුලාසි ලිහිල් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. චීනය රටක් ලෙස සම්ප්‍රදායිකව පවත්වාගෙන ආ තද රෙගුලාසි සිනමාවටද අදාළ වූ අතර මේ අනුව හොං කොං වෙත එම රෙගුලාසි ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. හොං කොං ස්වාධිපත්‍යක් සහිත චීනයේ කොටසක් ලෙස පැවතියද 1997 වන තෙක් එය පැවතියේ බ්‍රිතාන්‍යය යටතේය.

ඒ අනුව මෙම රෙගුලාසි ලිහිල් කිරීම බලපවත්වන්නේ චීනයේ වෙළඳපොල සඳහා අවසර පතන චිත්‍රපට නිෂ්පාදන සමාගම් වෙතයි. ඊට අනුකූලව දෙරටේ සමාගම් එක්ව නිපදවන ‘සම නිෂ්පාදන’ සඳහා එම ලිහිල්කරණය බල පැවැත්වේ.

එමඟින් හොං කොං – චීන සම නිෂ්පාදන සඳහා චීනය ආකාර 5කින් සහන සලසා ඇත. ඒ අනුව –

එක් නිෂ්පාදනයක් සඳහා සීමා කෙරුණු හොං කොං නලු නිලියන් සංඛ්‍යාව.
අවශේෂ නිෂ්පාදන කටයුතු සඳහා සීමා කෙරුණු හොං කොං ජාතිකයන් සංඛ්‍යාව.
සිනමාපටයේ කතාව චීනය සඳහා වන අදාළත්වය ගැන තිබුණු නිර්ණායක.
චීන සිනමා උළෙලවල් සඳහා ඇතුල්වීමට ලබා ගන්නා ගාස්තු ඉවත් කිරීම.
චීන සහ හොං කොං – චීන සම නිෂ්පාදන චීනය තුල හෝ ඉන් පිටත ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍යය සහනාධාර ලබා ගැනීමට සුදුසුකම් සපුරා දීම.

යන සහන චීනය විසින් මේ වන විටත් ප්‍රකාශයට පත් කොට තිබේ.

හොං කොං යනු දියුණු සිනමා සංස්කෘතියකට හිමිකම් කියන රටක් වන අතර අදටත් විශිෂ්ට සිනමාපට එරටින් බිහිවේ. එම සංස්කෘතිය පවත්වාගෙන යාම සඳහා හොං කොං රාජ්‍යය හොං කොං ඩොලර් බිලියන 1ක් යොදවන බව පසුගිය වකවානුවේ නිවේදනය කළා. කෙසේ වෙතත් 2000 දශකයෙන් පසු ඇතිවූ යම් යම් තරඟකාරී තත්වයන් මත ඔවුන්ට චීන සිනමා කර්මාන්තය සමඟින් යැපීමට සිදු වුනා. ඒ චීනයේ දැඩි රෙගුලාසි මධ්‍යයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *