රජිනි කාන්ත් රඟන නවතම සිනමාපටයේ වැඩ පසුගිය දා ඇරඹුනා. චිත්‍රපටයේ නම ‘දර්බාර්’. දර්බාර් අධ්‍යක්ෂණය කරන්නේ සර්කාර්, ගජිනි ආදී අති සාර්ථක චිත්‍රපට රාශියක් නිර්මාණය කළ A.R මුරුගදෝස් විසින්.
මේ සඳහා නිෂ්පාදන දායකත්වය 2.0 ඇතුලු අති දැවැන්ත චිත්‍රපට නිර්මාණය කළ ‘ලයිකා’ ප්‍රඩක්ෂන්ස් වෙතින්.
‘දර්බාර්’ කතාව කුමක්දැයි නිශ්චිතව අනාවරණය වී නොමැති නමුත් එය උත්කර්ෂවත් ‘පොලිස්’ කතාවක් වනු ඇති බවටයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරන්නේ. එමෙන්ම එය මුම්බායි නගරය කේන්ද්‍ර කොටගත් කතාවක් බව දැනටත් රජිනි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී ඇත.
පසුගිය දා මුම්බායි හි පැවති රූ ගත කිරීම් ආරම්භ කිරීමේ පූජාව සඳහා රජිනි කාන්ත්, අධ්‍යක්ෂ මුරුගදෝස් මෙන්ම ‘ලයිකා’ හිමිකරු සුබාස්කරන් අල්ලියරාජා එක්ව තිබුණා. චිත්‍රපටය ලබන වසරේ ජනවාරි මස ‘පොංගල්’ උත්සවය සමයේ තිරගත කිරීමට නියමිතයි.
