සෙල්ෆියක් ගන්න, film එකක් බලන්න, තෑග්ගක් දිනන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , අද සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.

මෙම සිනමා උළෙලේ ප්‍රමුඛ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා බැඳුණු සාහිත්‍යය වැඩි දියුණු කර පෝෂණය කිරීමයි. ඒ සඳහා අවශ්‍යය ජවය ලබා දෙන්නේ PEO TV වෙතින්. එම කාර්යයට සයිබර් මාධ්‍යය අවකාශය සලසා දෙන්නේ හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව තුලින්.

අද පෙන්වන්නේ The Miracle Season චිත්‍රපටය. දවල් 2.30 වෙද්දී ආරම්භ කරන්නයි සැලසුම. අපේ ක්‍රීඩාව ගැන කතිකාවතකුත් මේ අතරම සිද්ධ වෙනවා.

ඒත් එක්කම PEO TV සුදානම් The Miracle Season බලන්න එන අයට තෑගි දෙන්න.

කරන්න තියෙන්නේ තරංගනී ශාලාවේ ඇතුල් වෙන තැන තියෙන photo backdrop එක ළඟට ගිහින් සෙල්ෆියක් අරගෙන අපේ HELAWOOD POPCORN facebook පේජ් එකට Like කරලා ඒ සෙල්ෆිය HELAWOOD POPCORN පේජ් එකේ post කරන එක.

චිත්‍රපටය බලන්න කලින් අපි කියන්නම් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. එක් කෙනෙක් නෙවෙයි. අපි ජයග්‍රාහකයෝ 10 දෙනෙකුට තෑගි දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *