රිචඩ් ස්වර්ගස්ථ කොට අදට වසර 29යි

ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට මාධ්‍යවේදියෙක්, නාට්‍යකරුවෙක්, කවියෙක්, දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාදරයෙක් හා රංගවේදියෙක් වූ රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ස්වර්ගස්ථ කොට අදට වසර 29 ක් පිරෙනවා. එනම් 1990 වසරේ පෙබරවාරි 18 දින සිය නිවසේ සිටියදී රිචඩ් ද සොයිසා පැහැරගැනීමට ලක් වන අතර පසුදා දහවල වන විට ඔහුගේ ප්‍රාණය නිරුද්ද සිරුර මොරටුව කොරළවැල්ල වෙරලේදී හමු වනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් එවකට බලවත් පාර්ශව වලට චෝදනා එල්ල වූ අතර රිචඩ් ගේ ඇතැම් ක්‍රියාකාරකම් එම පාර්ශව වලට බලවත් හිසරදයක් වූ බවට එකල ප්‍රසිද්ධ රහසක්.

රූපවාහිනියට ඔහු අති දක්ෂ නිවේදකයෙකු වන අතරේ වේදිකාවට මෙන්ම සිනමාවට ඔහු දක්ෂ රංග වේදියෙක්. ඔහු ගාමිණි ෆොන්සේකා සමඟ රඟපෑ යුගාන්තයේ මාලින් කබලානගේ චරිතය තවමත් බොහෝ දෙනාගේ මතකයේ පවතිනවා. ඒ වාගේමයි සත්‍යග්‍රහණය චිත්‍රපටයේ මෙන්ම යශෝරාවය ටෙලි නාට්‍යයේ ඔහු කළ චරිත.

ඔහුගේ අකල් ස්වර්ගස්ථ කිරීමෙන් පසු ඔහුගේ මව වෛද්‍ය මනෝරානි සරවනමුත්තු එවකට අතුරුදහන් වූවන්ගේ මවුවරුන් සමඟ ක්‍රියාකාරිව වැඩ කළා. ඇගේ චරිතය හා ක්‍රියාකාරකම් අළලා 90 දශකයේ නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් ‘They dance alone’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සුදානම් වුවද එය අසාර්ථක වුනා. නැවත 2014 වර්ෂයේ නාමල් ජයසිංහගේ තිර රචනයෙන් එම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සුදානම් වුවද නැවතත් එම ප්‍රයත්නය අසාර්ථක වුනා.

රිචඩ් ‘යුගාන්තය’ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා සමඟ කළ රඟපෑමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *