කන්දක් සේ මා ළඟදීම?

ළඟදීම තිරයට ඒමට නියමිත ‘කන්දක් සේ මා’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. කන්දක් සේ මා චිත්‍රපටය අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයක්. කන්දක් සේ මා යනු 2010 වසරේ හොඳම නවකතාව ලෙස බොහෝ සම්මාන දිනූ සුමිත්‍රා රාහුබද්දගේ කන්දක් සේ මා නවකතාව ඇසුරින් කරන ලද චිත්‍රපටයකි. බොහෝ දර්ශන ජපානයේ රූ ගත කරන ලද මෙම චිත්‍රපටයේ ලාංකේය මෙන්ම ජපාන නලු නිලි පිරිවරක් චරිත නිරූපණයේ යෙදී තිබෙනවා. නිරෝෂා පෙරේරා මෙහි ප්‍රධාන චරිතය වන නූපා ගේ චරිතය නිරූපණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *