“සිහින ලොවක් දුටුවා මතකයි”

ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසය තුළ නොමැකෙන නමක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධන හඳුන්වා දීමට පුළුවන. ඔහුගේ සංගීතමය ගමන්මග තුළ ඔහුගේ ජීවිත කතාවට සමාන්තරව ඔහුගේ අතින් ලියැවුණු ගී පද ඔහුගේ ස්වරයට හසු වූ තනු සමඟ එකට මුසු වූ නොමැකෙන ගීතාවලියෙන් සැදුම්ලත් රූපමය සිත්තමකි “Rhythm of the Guitar” සිනමා සිත්තම.

දැනට අප අතර සිටින “මුන්ස්ටෝන් සංගීත” කණ්ඩායමේ ගායක අනෙස්ලි මානේවෙල මේ ආරම්භයට මුලපුරයි. ඔහු විසින් තම අතීත සිද්ධීන් මතකයට නැගීමක් ලෙසින් වර්තමාන රංගන ශිල්පීන් එම මතකයන් රූපමත මනස්කාන්තව චිත්‍රණය කරයි.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන ක්ලැරන්ස් ආරම්භයේ සංගීත කණ්ඩායමක් සාදා ගැනීමට උත්සාහයක් දරයි. ඔහු ඔහුගේ හොදම මිතුරෙකු වු ඇනෙස්ලි හමුවීමට පැමිණේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංගීත කණ්ඩායමක් ආරම්භ කරයි. ඒ අතර ඔවුන්ට තම පාසලේ උත්සවයක් සංගීතවත් කිරීමට ආරාධනාවක් ලැබේ. කාලය ගත වීමත් සමඟ තම නිවසට යාබද නිවසෙහි ජිවත් වන ශිලා නමැති තරුණිය සමග ක්ලැරන්ස් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරයි. විවිධ ස්ථාන වලදී ඔවුන් ප්‍රේමයෙන් මුණගැසේ. මේ අතර ශිලාගේ විවාහයට මනමාලයෙක් ද, නිවසින් යෝජනා කර තිබුණි. ශිලාගේ පියා ක්ලැරන්ස් සමඟ සම්බන්ධය දැනගෙන ශිලා ඈත පළාතක කන්‍යාරාමයකට යවයි.

ඉන් පසුව සිදුවන දේ දැන ගන්න, ජුනි 27 RHYTHM OF THE GUITAR බලන්න.

අධ්‍යක්ෂණය – තේජා ඉද්දමල්ගොඩ
නිෂ්පාදනය – තුසිත විජයසේන
කැමරා අධ්‍යක්ෂණය – රුවන් කොස්තා
සංගීත අධ්‍යක්ෂණය – සුරේෂ් මාලියද්ද
සංස්කරණය සහ වර්ණ – යශෝධ දනුපම
කලා අධ්‍යක්ෂණය – මංජුල පුෂ්පකුමාර
සහය අධ්‍යක්ෂක – නිරෝෂන් එදිරිමාන්න
ඇදුම් නිර්මාණය – ලසන්ත ප්‍රදීප් උඩුවෙල
වේශ නිරුපණය – ඉන්දික උදාර ලංකා
නිෂ්පාදන කළමනාකරුවන් – V P කුමාරන් සහ අචිනි මඩවල
නර්තන නිර්මාණය – ගයාන් ශ්‍රීමාල්
ශබ්ද නිර්මාණකරු – අරුණ ප්‍රියන්ත කළුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *