පසුගිය ඔක්තෝම්බර් 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති 04 වෙනි ඉනවටිව් අන්තර්ජාතික සිනමා උළෙල (Innovative International Film Festival) නියෝජනය කිරීමේ අවස්ථාව චත්ර වීරමන් අධ්යක්ෂණය කළ “ආයු” චිත්රපටයට හිමි විය. එහිදී ආසියානු කලාපීය රටවල් 11ක් නියෝජනය කරමින් උළෙලේ තිරගත වූ දීර්ඝ සිනමාපට 18 ක් අතුරින් “හොඳම ආසියානු සිනමාපටය” (Best Asian Cinema) උදෙසා වූ සම සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්රී ලංකාවේ “ආයුු” චිත්රපටය සහ ඉන්දුනීසියාවේ “Habibie & Ainun” චිත්රපටය සමත් විය.
2018 වසරේ පටන් බැංගලෝරයේ ඉනවටිව් සිනමා ඇකඩමිය (Innovative Film Academy) විසින් සංවිධානය කරන “ඉනවටිව් අන්තර්ජාතික සිනමා උළෙල”ට ශ්රී ලංකාව සහභාගි වූ පළමු අවස්ථාව මෙය විය. රටවල් 27 කට අයත් චිත්රපට 75 ක් තිරගත වූ 2021 ඉනවටිව් සිනමා උළෙලට ශ්රී ලංකාව නියෝජනය කරමින් ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යංශයේ සහකාර අධ්යක්ෂක චමින්ද මුණසිංහ, චිත්රපට අධ්යක්ෂක චත්ර වීරමන් ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත වූ නියෝජිත පිරිසක් සහභාගි වූහ.

චත්ර වීරමන්
උළෙලේ පිරිනමන ලද සම්මාන විසිරී ගිය අයුරු:..
හොඳම අන්තර්ජාතික සිනමාපටය (Best International Cinema): “Asia” – ඊශ්රායලය
හොඳම ආසියානු චිත්රපටය (Best Asian Cinema): “Habibie & Ainun” – ඉන්දුනීසියාව / “Ayu”- ශ්රී ලංකාව
හොඳම වාර්තා චිත්රපටය (Best Documentary): “Dostoevsky Intercontinental”-රුසියාව
හොඳම විනෝදාත්මක චිත්රපටය (Best Entertainment Cinema): “The Con-Heartist”- තායිලන්තය
හොඳම ඉන්දියානු චිත්රපටය (Best Indian Cinema): Karnan
හොඳම කන්නඩ සිනමාපටය (Best Kannada Cinema): Dollu
සටහන- උදිත ලක්මාල් කහඳවාඅරච්චි Udithe Lakmal Kahandawaarachchi