මොහොත ගැන බිදක්, “MOMENT” කෙටි චිත්‍රපටය

ඉදිරියේදී නිකුත් වීමට නියමිත Romance/Drama ශානරයට අයත් මේ නවතම කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය COM සහ BAD වැනි Web Series අධ්‍යක්ෂණය කෙරූ “ජෝ දිසානායක” විසින් සිදු කරනු ලබනවා. එමෙන්ම මෙහි තිර රචනය හෙසඳ කෞශල්‍ය විසින් රචනා කර ඇත. චිත්‍රපටයේ නිෂපාදනය Digi Films විසින් සිදු කරනවා.

ලාංකීය ජනප්‍රිය රංගන ශිල්පිනී ” උමාලි තිලකරත්න ” සහ “ධනුෂ්ක ඩයස් ” විසින් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. ඒ වගෙම මෙහි කැමරාකරණය එරංග ගුණසිංහ විසින් සිදු කරනු ලබන අතර සහය අධ්‍යක්ෂණයෙන් ඩෙනිස් FD දායක වෙනවා.

සුපුන් චාමිකගේ සංගීතයෙන් හැඩ වන Moment කෙටි චිත්‍රපටයේ සංස්කරණය සහ වර්ණගැන්විම පුශ්පිත නිර්මාල් විසින් සිදු කරනු ලබනවා. එමෙන්ම මෙහි වේශ නිරූපණ ශිල්පියා ලෙසින් ජනිත ලක්ශාන් දායක වී තිබෙනවා.

ඒ අනුව ” MOMENT ” කෙටි චිත්‍රපටයේ පළමු පෙනුම පෝස්ටරය මෙලෙසින් නිකුත් කෙරුණු අතර , චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය 2021 නොවැම්බර් 7 වෙනිදා නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.

” MOMENT” කෙට් චිත්‍රපටයේ නිර්මාණකරුවන් ඇතුළු සියලුම දෙනාට චරණ TV හෙළවුඩ් සතියේ සිනමාවෙන් සුභ පැතුම් එක් කරන අතර ශ්‍රී ලාංකිය සිනමාවේ මතු බලාපොරොත්තු වුණු මෙම තරුණ නිර්මාණකරුවට තව තවත් මෙවැනි නිර්මාණයන් සිදු කිරීමට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Official Poster

Leave a Reply

Your email address will not be published. Required fields are marked *