“දේවී සම්බුලා” සහ “SAMBULA” ද්වී භාෂාත්මක සිනමා පෙරලිය


දේශීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, සුබ මොහොතින් ඇරඹි, මහැදුරු ජැක්සන් ඇන්තනී මහතා ගේ නවතම සිනමා පට ද්විත්වය..
“දේවී සම්බුලා” සහ “SAMBULA”ජාත්‍යන්තරයට ආමන්ත්‍රනය කෙරෙන ද්වී භාෂාත්මක සිනමා පෙරලිය.
රූගත කිරීමට සියල්ල සූදානම්…

ජාත්‍යන්තරයේදී සිනමාව කර්මාන්තයකි. මහා පරිමාණ කලාත්මක කර්මාන්තයකි. එහෙත් ලංකාව තුළ තවමත් එය කර්මාන්තයක් ලෙස ලියාපදිංචි වී වත් නැත. ජාත්‍යන්තරයේදී සිනමාව මහා පරිමාණයෙන් පුළුල් වූ වෙළඳපොළ ආර්ථිකයක සාමාජිකයෙකි. ඒ ඒ රටවල සිනමාව තම ජාතික ආදායම කෙරෙහි ද බලපෑම් එල්ල කරන ආර්ථික ක්‍රියාවලියකි.
අපේ සිනමාව ද එලෙස කටයුතු කළ ජාතික ආර්ථික ක්‍රියාවලියක් බවට පත් වී තිබූ කාල වකවානුවටය අප “සිනමාවේ ස්වර්ණ යුගය” කියා කියන්නේ.

අපට යළිත් ස්වර්ණ යුගයකට ගමන් කළ නො හැකි ද ?
කලාත්මක වූ කර්මාන්ත සිනමාවේ ආර්ථිකය තීන්දු කරන්නේ එහි ප්‍රේක්ෂාගාරයයි. ප්‍රේක්ෂකයා වනාහී කර්මාන්තයේ පාරිභෝගිකයා ය.
දිනෙන් දින වැසී යන ශාලා ප්‍රමාණයට සමාන්තරව ප්‍රේක්ෂක සංඛ්‍යාව ද පහළ බසී. අවපත් වන දේශීය ප්‍රේක්ෂාගාරයත්, විශ්ව ව්‍යාප්ත වසංගත භීතියත් කරණකොටගෙන සිනමාව අමතක කර දැමීමේ ලඝු ප්‍රතිපත්තියට මා එකඟ නැත.

සංස්කෘතික ගේට්ටුව
දේශීය ප්‍රේක්ෂකයා යළි තහවුරු කර ගැනීම සඳහා මා “බ්ලොක් බස්ටර්” සිනමාව යළි කැඳවූයේ “අබා” චිත්‍රපටය තුළින් ය. එහෙත් එය හරිහැටි නො තේරුම්ගත් විචාරකයා ඒ ධාරාව හැඳින්වූයේ “ඵෙතිහාසික චිත්‍රපට” ලෙයසි. මා “අබා’‘ මුහුරත් දිනයේ කතා කරමින් මාධ්‍යකරුවන්ට කීවේ “මේ වනාහී සංස්කෘතික ගේට්ටුවක්” කියා යි. මම ඒ ගේට්ටුව හැරියෙමි.


ඒ තුළින් ධාරා කීපයක “බ්ලොක් බස්ටර්” චිත්‍රපට මේ රටේ නිර්මාණය වන්නට පටන් ගති. අද අපේ අවශ්‍යතාව දේශීය ප්‍රේක්ෂකයාගෙන් තෘප්ත කර ගත නො හැකි වී තිබේ. කර්මාන්ත සිනමාවේ ප්‍රෙක්ෂාගාරය පුළුල් කරගනු වස් දේශීය නිම්වළළු පැන ගැනීමට අපට අවශ්‍ය වී තිබේ. අප ජාත්‍යන්තර සම්මාන කුලකයේ විසල් තත්වයක් භජනය කර ගනිමින් සිටී.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිට නූතන සිනමා කරුවා දක්වා මේ වන විට ඉමහත් සම්මාන ගෞරවයක් මේ රටට ලබා දී ඇත.
එහෙත් තවමත් අපට ජාත්‍යන්තර වෙළඳපොළ ග්‍රහණය කර ගත හැකි වී නැත. මෙවර මගේ සංස්කෘතික ගේට්ටුව ඒ වෙනුවෙන් විවර වෙයි.

සම්බුලා සාහිත්‍යය
මේ වනාහී පන්සිය පනස් ජාතක පොතෙහි එන (511 වැනි) සම්බුලා ජාතකය ඇසුරෙන් රචනා වන අනුරූපන සේයා තිර රචනාවකි.
සම්බුලා ජාතකය සෙසු බෞද්ධ ධර්ම සාහිත්‍යයෙන් වෙනස් වන්නේ එහි ඇති පූර්ණ ස්ත්‍රී වාදය කරණ කොට ගෙනයි.
සෙසු ධර්ම ග්‍රන්ථ බොහොමයක ස්ත්‍රිය වනාහී පාප පිණ්ඩයකි,මායා රූපයකි, පවිටු සත්ත්ව කෙනෙකි.

“මහණ, ක්ලේශ වසඟව නො පවතුව. මේ මාතු ගාමයෝ නම් පවිටු සත්ව කෙනෙකැයි ඔවුන් කෙරෙහි පිළිබඳ සිත් හැර ශාසනයෙහි ඇලී වාසය කරව.”
(කුස ජාතකය)
“සබ්බේ නදී වංකගතා
සබ්බේ කට්ඨමයා වනා
සබ්බිත්ථියෝ කරේ පාපං
ලභමානා නිවාතකේ”
(ඉල්ලීස ජාතකය)

“ස්ත්‍රීහු නම් පුරුෂයින් වංචා කරන හෙයින් මායා රූපයක් වැනිය හ“ ශෝකය, රෝගය,උපද්‍රවය යන මොවුන් උපදවන ආකරයක් වැනිය හත පුරුෂයින්ට තද වූ බන්ධනයක් වැනිය හත කාමී පුරුෂයින් බඳනා පිණිස මරහු විසින් මවන ලද මලපතක් වැනිය හතවැලසින්නන් වසන ගුහාවක් වැනිය හත මරහු වසන ලෙන් දොරක් වැනිය හත එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම්කිසි පුරුෂයෙක් විස්වාස කෙරේ නම් ඒ තෙම මනුෂ්‍යයින් කෙරෙහි අධමයා
නම් වේ.”
(සද්ධර්මාලංකාරය)

“ගෑනු නම් පැන් තොට ආදිය තැන් හා සරියෝ ය. යම් සේ ගඟත් මහවතත් මඟත් රා සොඬුත් රා බොන්නාවූ ගෙයත් බොහෝ දෙන රැස් වන තැනත් පැන් ලිඳත් සියල්ලටම සාධාරණවත් මුත් එක් කෙනෙකුට ම නියමව නො තිබේ ද එපරිද්දෙන් ස්ත්‍රීහුත් අවසර ලත් නියායෙන් උත්තම අධම සියල්ලට ම සාධාරණය හ.”
(සද්ධර්ම රත්නාවලිය)

“සෙසු ස්ත්‍රීන්ගේ රූප ශ්‍රී බලා මේ රූප ශ්‍රී මට වේවයි සිතීම ද, පුරුෂයින්ගේ වික්‍රම බලා මේ පුරුෂයින් මට වල්ලභ වේවයි සිතීම ද අනුන් දරුවන් සුරතල් බලා මේ වැනි දරු සිරි මටත් වේවයි සිතීම ද සියලු ස්ත්‍රීන්ගේ ස්වභාවධර්මයන් ම ය.”
(පූජාවලිය)

එහෙත් මට හමු වූ ශ්‍රේෂ්ඨ සහ උත්තම කාන්තාව වසන්නේ පන්සිය පනස් ජාතක
පොතෙහි එන සම්ුබලා ජාතකයෙහි ය.
ඇගේ නාමය වනාහී,

ජැක්සන් ඇන්තනීගේ අධ්‍යක්ෂණයක්
රොහාන් ඩි සිල්වාගේ නිශ්පාදනයක්

සම්බුලා විශේෂතා
මේ වනාහී ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ නිෂ්පාදනය වන දෙවන ද්වීභාෂිත සිනමා යුගල යයි,

පළමුවැන්න,
1951 – සැඟවුන පිළිතුර – (සිංහල)

කුසුමලතා – (දෙමළ)

දෙවැන්න
2021 – දේවී සම්බුලා (සිංහල )
-SAMBULA……(ඉංග්‍රීසි )

මේ වනාහී ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ නිෂ්පාදනය වන පළමු සිංහල ඉංග්‍රීසිද්වී භාෂා චිත්‍රපට නිෂ්පාදනයයි.
සමස්ත චිත්‍රපටය පුරා රංගගත වන්නේ චරිත තුනක් පමණි.

සම්බුලා දේවී
සොත්තිසේන කුමාරයා
දානව රාක්ෂයා

චරිතත්‍රයම ප්‍රධාන භූමිකා වේ.
දෙවන චරිත, තෙවන චරිත, සහාය චරිත, අතිරේක චරිත කිසිත් නැත.
සියල්ල උත්තම භූමිකා වේ.

සම්බුලා සිනමාව් සත්ව ත්‍රිත්වයක් ද භූමිකා ගත වී තිබේ.
සංකේත, රූපක, උපමා සියල්ල සිනමාලංකාරික අද්භූතයන් වේ.

  • කාල දිවියා
  • රාජාලි පක්ෂියා
  • රාජ නාගයා

මෙය වනාහී නූතන තාක්ෂණයේ ග්‍රාපික නිර්මාණකරණයේ අරුමැසි සෞන්දර්යයි.
විචිත්‍ර කතන්දරයකි.
ස්ත්‍රීවාදී සංකල්ප පුරාවෘත්තයකි.
අරුමැසි චිත්‍රපටයකි.
අනුරාග ඊර්ෂ්‍යාව තේමා කොට ගත් සංවේද වෘතාන්තයකි.
ප්‍රේමය සහ රාගය පිළිබඳ නව්‍ය අර්ථකථනයකි.
නිෂ්පාදනයක්

පාත්‍ර වර්ගයා
සම්බුලා දේවී – උදාරි වර්ණකුලසූරිය
සොත්තිසේන කුමාරයා – පුබුදු චතුරංග
දානව රාක්ෂයා – අඛිල ධනුද්දර

නිර්මාණ පිරිවර
නිෂ්පාදන කළමණාකරණය – හැරල්ඩ් කරුණාතිලක

නිශ්චල ඡායාරූප
ධම්මික පතිරත්න

ඇඳුම් නිර්මාණය
වෙනුක යසස් ශ්‍රී වික්‍රමආරච්චි

ත්‍රිමාණ සජීවීකරණය
චත්‍ර විරම්න්

පද රචනය
මහාචාර්ය සුනිල් ආරියරත්න

ගායනා
අමරසිරි පීරිස්
මාධවී වත්සලා

කලා අධ්‍යක්ෂණය
ධම්මික හේවාදුවත්ත

අංගරචනය
හර්ෂ මංජුල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *