හෙළවුඩ් චිත්‍රපටයක් මොලිවුඩයට – Helawood to Mollywood

ජාත්‍යන්තර CinemaWorld නාළිකාවේ විකාශය වුණු, “Sneha : The Black in Every Pink” චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ කණ්ඩායමේ මීළඟ සිනමාපටයේ Announcement Posters මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. ඒ අනුව “තුං මං හන්දිය” ලෙස නම් කර ඇති මෙම නවතම චිත්‍රපටයෙහි තේමාව “Where Love and Lust Meet Life”. ආදරය, රාගය, සබඳතා, වෛවාහක බැඳීම්, තෝරාගැනීම්, වැනි තේමා කිහිපයක් ඔස්සේ දිවෙන සිනමාපටය Drama – Thriller ශානරයට අයත් වනු ඇති.

මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කරනා “තුං මං හන්දිය” සිනමාපටයට, JRP Pictures වෙනුවෙන් ජනිදු රාජකරුණා නිශ්පාදන සහය ලබා දෙයි . වඩා සුවිශේෂී කරුණක් නම්, චිත්‍රපටය වෙනුවෙන් භාශා 4 කින් ප්‍රචාරණ කටයුතු කිරීමට නිර්මාණකරුවන් සැලසුම් කර ඇති අතර, ඒ වෙනුවෙන් සිංහල Poster එකට අමතරව, ඉංග්‍රීසි, දමිළ, සහ මළයාලම් යන භාශා තුනෙන්ද අද දින Announcement Posters නිකුත් වුණා. චිත්‍රපටය වෙනුවෙන් මෙම සෑම භාශාවකින්ම නමක් යොදා ඇති අතර, “ජයගත නොහැකි අභියෝගයක් යැයි සිතා පහසුවෙන් අමතක කර දමන ප්‍රේක්ශක ප්‍රජාවක් ශ්‍රී ලාංකේය සිනමාව වෙත කැඳවාගෙන ඒම වෙනුවෙන් මෙම චිත්‍රපටය සහ එහි ප්‍රචාරණ කටයුතු පාලමක් ලෙස කටයුතු කරනු ඇති බව” නිර්මාණකරුවන් පැවසුවා.

තුං මං හන්දිය
Three Way Junction
மூன்று வழி சந்தி (දමිළ – මූන්ඩෘ වලි සන්ධි)
മൂന്ന് കവല (මලයාලම් – මූන්නු කවලා)

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ, මලයාලම් සිනමාපට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා ආසාවෙන් නරබනවා, කතා කරනවා, සමාජ මාධ්‍යන් ඔස්සේ විචාරාමය අදහස් හුවමාරු කරගනන්නවා. නමුත් අප රටේ නැතිනම් හෙළවුඩයේ නිර්මාණයක් මලයාලම් සිනමා ප්‍රේක්ෂකයාට රසවිදින්මට අවස්ථාවක් ලබා දෙන්න ඇත්නම් එයම අප කර්මානත්ය ලබන ලොකු ජයක් වනවා අනිවාර්යයි. තව නොබෝ දිනකින් මලයාලම් ප්‍රේක්ෂකයා අපගේ සිනමාපට නරබයි, රසවිදියි, ඔවුන්ගේ අවංක අදහස් අප සමග බෙදාගනියි. එම කාර්ය ඉතා ඉහලින්ම ඉටු කරගැනීමට මහෙල් හෙට්ටිආරච්චි ඇතුළු “තුං මං හන්දිය” සිනමා පටයට සම්බන්ද තරුණ සිනමා කරුවනට හැකි වේවා කියා අප හෙළවුඩ් කණ්ඩායම ඔවුන්ට සුභ පතනවා.

සිනමා Talkies අංගයට සම්බන්ද වෙමින් මහේල හෙට්ටිආරච්චි “ස්නේහ” හා “තුං මං හන්දිය” ගැන ලොකු කතා බහක යෙදුණා.

අගෝස්තු මස 29 වන ඉරිදා රාත්‍රී 8ට හෙළවුඩ් සතියේ සිනමාව තුළින් “තුං මං හන්දිය” සහ “ස්නේහ” ගැන මහේල හෙට්ටිආරච්චි මෙතෙක් නොකී කතා අහමු.

තුං මං හන්දිය
Three Way Junction
மூன்று வழி சந்தி (දමිළ – මූන්ඩෘ වලි සන්ධි)
മൂന്ന് കവല (මලයාලම් – මූන්නු කවලා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *