ලොවටම රෑප සුන්දරිය වී බොලිවුඩය ජයගත් ඉන්දියානු තාරකාවියන්

අපි සාමාන්‍යයෙන් ලස්සන කාන්තා රුවක් දැක්කම කියනවා ‘රූප සුන්දරියක්’ වගේ කියලා .. තවත් සමහර අවස්ථා වල කියනවා ‘නිළියක්’ වගේ කියලා .. ඉතින් නිළියෝ බවට පත්වුනු රූප සුන්දරියොත් ඉන්නවා .. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රූප සුන්දරියන් බොහෝ සෙයින් සිටිනා රටක බොලිවුඩ් සිනමාව හා එක්වන සුරූපිනියන් විශාල ප්‍රමාණයක් සිටිනවා .. ඉතින් ඒ ආකාරයෙන් ‘බොලිවුඩය’ ජයගත් රූප සුන්දරියන් 04 දෙනෙකු තමයි මේ ඉන්නේ .

අයිශ්වර්යා රායි බච්චන්

සුන්දර කාන්තාවන් ගැන කතා කිරීමේදී හැම විටම මතකයට එන නමක් තමයි Aishwarya රායි බච්චන් .. ඒ තරමටම ඇයගේ සුන්දර රුව සහ ආකර්ෂණීය ඇස් මිනිසුන් වශී කරගැනීමට සමත් වුනා …

මේ සුරූපිනිය හිටපු ලෝක සුන්දරියක් .. 1991 ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක ජය ලබමින් සුප්‍රකට Vogue සගරාවේ පෙනී සිටිමට ඇය අවස්ථාව ලබාගන්නා අතර එය ඇයගේ නිරූපණ ජීවිතයේ ආරම්භයයි .. ඉන්පසු 1994 වසරේ Miss Universe (විශ්ව රූ රැජිණ) තරගාවලියට එක්වූ ඇය එහිදී දෙවෙනි ස්ථානයට පත්වෙන්නේ සුෂ්මිතා සෙන් ට එහි ජය හිමිකර දෙමින් … කෙසේ නමුත් එම වසරේදීම 1994 Miss World (ලෝක රූ රැජිණ) තරගාවලියට ඇය සහභාගී වන අතර එය ජයගැනීමට සමත්වෙනවා …

ඉන්පසු මනි රත්නම් ගේ ‘ඉරුවර්’ සිනමාපටය හරහා ඇය සිය සිනමා ගමන ආරම්භ කරනවා … ‘Hum Dil De Chuke Sanam’ හරහා මුළු ලොවක් හදුනාගන්නා Aishwarya රායි බච්චන් Jeans, Taal, Mohabbatein, Albela, Hum Kisise Kum Nahin, Devdas, Khakee, Dhoom 02, Jodha Akbar, Raavan වැනි චිත්‍රපට වල රගපෑමෙන් දායක වී තිබෙනවා …

ප්‍රියංකා චෝප්‍රා

ප්‍රියංකා 2000 වසරේදී ‘Femina Miss India’ තරගාවලියට සහභාගී වී එහි දෙවෙනි ස්ථානය දිනාගැනීමට සමත්වෙනවා .. ඉන්පසු ‘Miss India World’ තරගාවලිය ජයගන්නා ඇය 2000 වසරේ Miss World තරගාවලියට සහභාගී වී එහි ජයග්‍රාහකයා වීමට සමත්වෙනවා …

ඇය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ 2002 Thamizhan චිත්‍රපටයෙන් … ඉන්පසු Andaaz, Kismat වැනි චිත්‍රපට වල රංගනයෙන් දායක වූ ප්‍රියංකා සිනමාව තුල වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ 2004 ‘Mujhse Shaadi Karoge’ හරහායි .. BluffMaster, Krrish හා Don ඇය රගපෑ තවත් ජනප්‍රිය චිත්‍රපට ත්‍රිත්වයක් … Salaam E Ishq, Dostana, Ra One, Don 02, Agneepath, Teri Meri Kahani වැනි චිත්‍රපට වල ඇය රගපෑ අතර Barfi චිත්‍රපටයේද ඇය් සුවිශේෂ රංගනයක යෙදෙනවා …

Shootout at Wadala, Krrish 03, Mary Kom, Dil Dhadakne Do, Bajirao Mastani ඇය රගපෑ තවත් චිත්‍රපට කිහිපයක් ..බොලිවුඩය පමණක් නොව හොලිවුඩ් පුරය පවා ජයගැනීමට මෙම සුරූපිනිය සමත්වූ අතර Baywatch, Isnt it Romantic, We Can be Heroes හා Matrix 04 වැනි හොලිවුඩ් චිත්‍රපට ඒ අතර වෙනවා ..

ලාරා දත්තා

බොලිවුඩය ජයගත් තවත් සාර්ථක රූ රැජිනක් ලෙස ලාරා දත්තා හදුන්වා දිය හැකියි … ඇය නිරූපණය සදහා පිවිසෙන්නේ 1997 Miss Intercontinental තරගාවලිය ජයගැනීමෙන් .. ඉන්පසු 2000 Femina Miss India තරගාවලිය ජයගන්නා ඇය Femina Miss India Universe තරගාවලිය සදහා ඇතුලත් වෙන අතර ඉන්පසු 2000 Miss Universe තරගාවලිය ජයගැනීමට සමත් වෙනවා ..

ඇය තම සිනමා ගමන අරඹන්නේ 2003 Andaaz චිත්‍රපටයෙන් .. Khakee, Masti, Kaal, No Entry, Zinda, Fanaa, Housefull, Challo Dilli, Don 02, Singh is Bling, Azhar වැනි චිත්‍රපට වල ඇය රංගනයෙන් දායක වී තිබෙනවා ..

සුෂ්මිතා සෙන්

බොලිවුඩ් පුරය ජයගත් තවත් සුරූපි රූ රැජිනක් තමයි සුෂ්මිතා සෙන් .. 1994 Femina Miss India Universe තරගාවලිය හරහා 1994 Miss Universe තරගාවලියට සුදුසුකම් ලබාගන්නා සුෂ්මිතා සෙන් එය ජයගැනීමට සමත්වෙනවා ..

ඇය තම සිනමා ගමන ආරම්භ කරන්නේ 1996 Dastak චිත්‍රපටයෙන් .. Zor, Surf Tum, Hindustan Ki Kasam, Aankhen, Tumko Naa Bhul Payenge, Main Hoon Na, Bewafaa, Karma Aur Holi, No Problem ඇය රගපෑ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් …

( අන්තර්ජාලය ඇසුරෙනි)

සටහන දිල්රු යශෝධදා පතිරණ, Shehan Malik’s ෆිල්ම් පවුල ෆේස්බුක් සමුහටය ලියයි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *