අමරනාත් ජයතිලක මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ආදරවන්තයෝ “සිනමා නිර්මාණය මුලින්ම තිරගත වෙච්ච දිනය විදියට සඳහන් වෙලා තියෙන්නෙ 1968 අවුරුද්දේ නොවැම්බර් මාසෙ 24 වෙනිදා…ඉතින් මේක මටඅනුව නම් කළුසුදු රූපරාමුවලින් පිරුණු සුන්දර සිනමා නිර්මාණයක් ….මොකද මට ඒ හැම රූප රාමුවක් තුළින්ම පේන්නෙ කට්ටකළුමත් නැති සුදුමසුදුත් නැති අළුපාට මිනිස්සු ….
කාලෙන් කාලෙට ආදරේ ගැන නේකනේක අර්ථකථන එද්දි ,ආදරේ පාටවල් වෙනස් වෙද්දි අපි ඉපදෙන්න හිතලවත් නැති අතීතෙක තිබ්බ ආදර කතන්දර ,ඒ වටපිටාව මෙහෙමහරි නරඹන්ඩ ලැබිච්චි එක මට දැනෙන්නේ ජීවිතේ ලැබිච්චි බෝනස් එකක් වගේ..සබඳතාවයන්ගෙ එක සමාන ගති ,එකසමාන හැඩයන් වර්තමානය තුළ ඉදහිටක දකින්න තිබ්බත් ඒ නිර්මාණ තුළ තිබ්බ රහට මං පෞද්ගලිකව මනාපයි…..ඒ විතරක් නෙවෙයි සමහර නිර්මාණ අහවර වෙද්දි ප්‍රේක්ෂකයාට ශේෂ කරවන පණිවිඩ පවා ඇතැම් සිනමානිර්මාණ තුළ මම දකිනවා .
නිමල් කියන්නේ සමරසේකර මහත්තයගෙ ගරාජයෙ සේවය කරපු අවංක විශ්වාසවන්ත සේවකයෙක් කියලා කිවුවොතින් මං හිතන්නේ මම නිවැරදියි…සමරසේකර මහත්තයා බෝම යහපත් ගති තිබෙන චරිතයක් වුණත් ඔහුට ජීවිතය ගෙවන්න සිද්ධ වෙලා තිබ්බෙ රෝද පුටුවක..තමන්ගේ විවාහයත් එක්කලම සිද්ධ වෙන අනතුරක් හේතු කරගෙන ඔහුගෙ අනාගතයම අඳුරු වෙලා… කොයිතරම් සැපසම්පත් තිබ්බත් ,ජීවිතේ හිත් රිදුම් වලින් ඔහේ දියවෙලා යනවා බලන් ඉන්න සිද්ධ වෙලා…තමන්ගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සැපේදි වගේම දුකේදි තනිනොකරන එක යහපත් බිරිඳකගෙ යුතුකමක් විදියට හිතුවත් සමරසේකර නෝනා ඔහුට වචනෙකින්වත් කාරුණිකත්වයක් නොපෙන්නුවත් ඇය සමාජසේවා කටයුතු සම්බන්ධයෙන් මුලසුන හොබවන තැනැත්තියක්….
සමරසේකර නෝනාට නිමල් එක්ක තිබ්බ වාචික ගණුදෙනු කෝම කොයිහැටි වෙතත් ඒ පූර්වඉඟිබිගි වලින් සීරුවට වැළකිලා ඉන්න නිමල්ට සිද්ධවෙනවා…මොකද සමහර එනපොටවල් එ් හැටියකට ගුණ නැතිවෙන ලකුණුපේන හන්දා
– නිමල්, මං කී සැරයක් ඔයාට කතාකරාද…?
– මිසිස් සමරසේකර මට කතාකරේ රෝස මල් වලින්නෙ….නමුත් ඒවයෙ කටු ඇනෙනකොට රිදෙනවා…
– මොකක්ද මේ හදන්නේ .?
– රේසිං කාර් එකක්….
– ඔයාට හරිම කාර් පිස්සුව නේද….?
– මිනිස්සුන්ට එකඑක පිස්සු තියෙනවනෙ..
– කාර්වලට හැදෙන ලෙඩ ගැන ඔයා හොඳට දන්නවා නේද…?
– ඒවා මේ අපිට හැදෙන ලෙඩ තරම් භයානක නෑනේ මිසිස් සමරසේකර ..
– මොන ලෙඩද….?
– නෑ සමහර අයගෙ හිතේ ලෙඩ..
– දොස්තර කෙනෙක් වගේ කතාකරනවා..හිතේ තියෙන ලෙඩ සනීප කරන්න නිමල් දන්නවද….?
– මට එහෙම සනීප කරන්න පුළුවන් නම්…
– මගේ හිත සනීප කරනවද….?
– සමරසේකර මහත්තයව සනීප කරනවා….
නිමල් තමන්ට හැකි හැම වෙලාවෙම වචන පාවිච්චියට ගත්තෙ සමරසේකර මහත්තයාට පක්ෂපාතීව..කන්න දීපූ අත හපාකන ජාතියෙ තිරිසන් ගති නිමල්ට තිබ්බෙ නෑ….
මොකද නිමල්ගෙ හිතට අයිතිවාසිකම් කියන්න ,ඔහුගෙ ආදරේ බලාපොරොත්තුවෙන්න මොන ජාතියෙ අංගනාවන් ආවත් ඔහුගෙ හිත තිබ්බෙ සුමනා ළඟ….
සුමනා කියන්නේ ජේමිස්ගෙ එකම දොණියැන්දෑ..අම්මත් නැතිව දුවෙක් ආරස්සාකොරන එක කොයිතරම් දුෂ්කරද කියලා හිතෙන්නේ වයසින් ටිකෙන් ටික වැඩෙන කාලෙට….
සුමනාගෙ තාත්තා මොනකතාව පටන් ගත්තත් කොයිමතැනකහරි අම්මා ගෑවිලා හිටියා…
– උඹලගෙ අම්මා හිටියනම් තාත්තා කොහොම සිංදු කාරයෙක්ද කියලා කියාදෙයි…දැන් මේ කාර්කටු එලෙවුවට තාත්තත් හොඳ පරණ ටීටර් කාරයෙක් තමයි…
-තාත්තට ඉතින් කොච්චරවත් අම්මා ගැනයි සිහිය…
උඹේ අම්මා දුවේ මනුස්ස දුවක් නෙවෙයි ශ්‍රියා කාන්තාවක්…ඒ මනුස්සයා හිනාවෙනකොට ගෙදරට පහනක් ඕන නෑ…
පාන්දරම මල්පහන් පූජාකරලා හරිහම්බ කරන්කන වාහනයෙ සුක්කානමටත් වැදලා දවස පටන්ගන්න ජේමිස් සමරසේකර නෝනලට ටැක්සිකාරයෙක් ගානට පෙනුනනට මහාමන්දිර වල නැති මනුස්සනම් ජේමිස් බණ්ඩා වගේ මිනිස්සු ළඟ තිබ්බා ….ඒ අවංකකම හොරබොරු වංචාවට තියෙන බය හන්දම අළුතින් තරහකාරයෝ වැඩි වුණා මිසක අඩුවුණේ නෑ…
මොනතරහ තමන් පිටින් ගියත් දරුවා ආරස්සා කරන එක තාත්තා කෙනෙක්ගෙ ගතිය ..ඒ විතරක් නෙවෙයි ගෙදර හදන රත්තීට පවා දක්වන සැලකිල්ල ජේමිස්ගෙ චරිතය තුළින් පැහැදිලිවම පේන්න තියෙනවා…
අම්මා නැති ගෙදර ඉවුම් පිහුම් සේරෝම වුණේ සුමනාගෙ අතින්…
– අනේ ළමයෝ උඹලැයි අම්මා හිටියනම් මට මේ කිසි කරදරයක් නෑනේ..උඹත් දුවේ හරියට අම්මා වගේ….ඒ මනුස්සයා ඉන්න කාලෙත් මෙහෙම කන්න බොන්න දීලා තමයි උදේට පිටත් කරන්නෙ …එහෙම රසට උයන්න හැබෑට එහෙම අත්දෙකක්..උඹත් දුවේ අම්මා වගේ හැදෙන්න ඕන…හැමදාමත් උඹට මා ළඟ ඉන්න බෑනේ..හැබැයි උඹ එකක් හිතේ තියාගන්න ඕන …කොහේ ගියත් අම්මගෙ නම්බුව තියන්න ඕන පුතා..
***********************************
සමරසේකර මහත්තයා තමන්ගේ නීත්‍යානුකූල බිරිද වෙච්ච රූපාගෙ හිතුවක්කාර ජීවිතේ දිහා බලාගෙන හිටියට ඇය වෙනස්වෙයි කියලවත් ඔහුට ආදරේ වේවී කියලා හිතන්ඩ තරමේ පුංචි බලාපොරොත්තුවක්වත් තිබ්බෙ නෑ….
රූපා දැන් වෙලාව කීයයි කියලද හිතේ ..දැන් එළිය වැටෙන්නත් ළඟයි…ඒත් තවම මං මේ අන්ධකාරේ බිත්ති හතර ඇතුළෙ තනිවෙලා ඉන්නෙ ..රූපට ඉර පායන හැටි මම දන්නවා ….
– ඔය රෝද පුටුවෙ දෙන්නෙකුට ඉන්න ඉඩනැනේ…
– මට ඕන සංතෝසයක් නෙවෙයි ආදරයක්…
– මං කොහොමද ඔයාට ආදරේ කරන්නෙ
– ඒ වචනෙට අපහාස කරන්න එපා …මුළු ලෝකෙම රැදිලා තියෙන්නෙ ඒ අකුරු හතරෙන්…ජීවිතේ හැමඅතටම පෙරළෙනවා..ඒත් අපි හැමදෙනාම ආදරේ අදුරගත්ත දවසට මේ කිසිම පෙරළීමක් නෑ…එදාට අපි කාටවත් මෙහෙම අඩන්න වෙන්නෙ නෑ …හිනාවෙලා……….
– මං එනකොට කියව කියව හිටියෙ ඔය බණ පොතද…?
ගමේ හිටපු දාමරිකයෙක් වෙච්ච බේබිමහත්තයා එක්ක එක්කාසු වෙලා රුපා නෝනා නටන නාඩගම් අහවරවෙන දවස වැඩි අෑතක තිබ්බෙ නෑ…. නිමල් සම්බන්ධ වෙච්ච කාර්රේස් එකෙන් නිමල්ව පරද්දවන්න බලාගෙන හිටපු බේබිමහත්තයටත් අවසානෙදි පිහිටකට නිමල් පෙනීඋන්නු තැන් අපි දකිනවා …
ජීවිතේ ඇත්ත ඇතිහැටියට අවබෝධ කරගන්න රූපා නෝනට සෑහෙන්ඩ කාලයක් ගතවෙනවා….ඒත් ඇය ආයෙම සමරසේකර මහත්තයා වෙනුවෙන් ජීවත් වෙන්න තීරණයකුත් අරගන්නවා…. ඒත් ඇය ආයෙම සමරසේකර මහත්තයා වෙනුවෙන් ජීවත් වෙන්න තීරණයකුත් අරගන්නවා….
– මට සමාවෙන්න …ඔයාට මං අතින් හුගාක් වැරදි සිද්ධ වුණා …මං මෙච්චරකල් ජීවත් වුණේ ඔයාගෙ ආදරේ තේරුම් ගන්න බැරුව..අන්ධ ගෑණියෙක් වගෙ..මං හින්දා ඔයාට කොච්චර හිරිහැර වුණාද…
– රූපා ඒ ගැන දැන් හිතන්න එපා..අපි ඒවා සේරම අමතක කරමු…ඒ හැමදේම ඔයඅතින්ම වෙච්ච වැරදි නෙවෙයි…ඒක මනුස්ස ස්වභාවය ..
*********************************
ඒ කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි අවසානයෙදි නිමල් තමන්ගේ ආදරවන්තිය සුමනා එක්කලා අළුතින් ජීවිතේ පටන් අරගන්නයි ලෑස්තිය …..අච්චරකට වාහන සම්බන්ධයෙන් දන්න චරිතෙ (L) බෝර්ඩ් එකකුත් එල්ලගෙන…
– නිමල් මහත්තයා පුරුදු කාරයනෙ ඇයි මේ (L) බෝර්ඩ් එකක් එල්ලගෙන- නෑ ජේමිස් මහත්තයා …එල් අකුරෙන් කියන්නේ දෙන්නා ලවු කියලනෙ…..
සැන්ඩෝ මහත්තයාගෙ ඒ උත්තරේ පංකාදු පහයි කියලා හිතෙන තරම්….
මේ සිනමා නිර්මාණය තුළ ආදරකතන්දර ත්‍රිත්වයක් මම දකිනවා …..
තමන්ගේ භාර්‍යාව ජීවතුන් අතර නැතත් ඇයගෙ මතකය නිරන්තරයෙන්ම නැවුම්කරවමින් ඒ මතක තුළ ජීවත් වෙන ජේමිස්, මොන ජාතියෙ කරදර බාධක ආවත් තමතමන්ගෙ හිත් වල ඇතිවෙච්ච ආදරේ වෙනස් නොකරගෙන සුමනා පමණක් ප්‍රාර්ථනා කරන නිමල්, තමන්ගේ ආදරණීය බිරිදට සමාවදීලා ආයෙමත් ජීවිතේ අළුතින්ම පටන්ගන්න හීන දකින සමරසේකර මහත්තයා, ජෝඩු තුනක් ගැන තුන් විදියකට කතාකරපු සිනමා නිර්මාණයක් විදියට පෞද්ගලිකව මම “ආදරවන්තයෝ” සිනමා නිර්මාණය දකිනවා…
___________________________________සටහන – රුවන්ති ජයතිලක
https://www.facebook.com/photo/?fbid=1979984635496396&set=a.1800125483482313