“මම කෘතඥතාවයෙන් පිරී සිටිමි. මා සමඟ මෙහි සිටින අනෙක් නිර්දේශීන් කිසිවෙකුට වඩා මට උසස් බවක් දැනෙන්නේ නැහ, මන්ද අපි බෙදා ගන්නේ එකම ආදරයක් නිසායි – එය චිත්‍රපටයට ඇති ආදරයයි. මේ ආකාරයේ ප්‍රකාශනයන් මට අතිශය අපූර්ව ජීවිතයක් ලබා දී ඇත. එය නොමැති වූවා නම් මා සිටින්නේ කොහේදැයි මම නොදනිමි. නමුත් මා සිතන්නේ එය මට මෙන්ම සිනමා කර්මාන්තයේ නියැලෙන්න හට ලබා දුන් විශාලතම ත්‍යාගය වන්නේ හඬක් නැති මිනිසුන් උදෙසා අපේ හඬ භාවිතා කිරීමට දෙනු ලැබූ අවස්ථාවයි. අපි සාමූහිකව මුහුණ දී සිටින සමහර කරදරකාරී ගැටළු ගැන මම සිතමින් හිඳිමි.
මා හිතන්නේ සමහර මොහොතවල් වල අපිට දැනෙන්නේ අපි සටන් කරන්නෙ විවිධ හේතුන් වෙනුවෙන් කියාය. නමුත් මම දකිනවා එහි ඇති පොදු බව. අපි කතා කරන්නේ ස්ත්රී පුරුෂ අසමානතාවයන්, වර්ගවාදය, ලිංගික අයිතිවාසිකම්, ස්වදේශීකයන්ගේ අයිතිවාසිකම් හෝ සත්ව අයිතිවාසිකම් ගැන වේවා, අපි කතා කරන්නේ අයුක්තියට එරෙහි සටන පිළිබඳ්වය.
අපි මේ කතා කරනුයේ එක් ජාතියකට, එක් ජනතාවකට, එක් ජනවර්ගයකට, එක් ලිංගිකත්වයක් සහිත කොටසකට, එක් ජීවී විශේෂයකට, අනෙක් සියල්ලන්ට ඉහළින් ඉඳිමින්, දඩුවම් නොලබා අන් අයට ආධිපත්‍ය පෑමට, පාවිච්චි කිරීමට සහ පාලනය කිරීමට බලය තිබේය යන විශ්වාසයට එරෙහි සටන පිළිබඳවයි.
මා සිතන්නේ අපි ස්වාභාවික ලෝකයෙන් විසන්ධී විමකින් ඉන්නේ. අපෙන් බොහෝ දෙනෙක් ස්වාර්ථයෙන් පිරුණු ලෝක දැක්මක් පිළිබඳව වැරදිකරුවන් වන අතර අපි විශ්වාස කරනවා අප තමා මේ විශ්වයේ කේන්ද්ර ය කියන කාරණය. අප ස්වාභාවික ලෝකයට ගොස් එහි ඇති සම්පත් වෙනුවෙන් එය කොල්ලකන්නෙමු. ගවයකු කෘතිමව ගැබ් ගැනීමට සැලස්වීමටත්, ඉන්පසුව අපට නොවරදවාම ඇසෙන ඇගේ කටුක වේදනාවෙ හැඬීම මැද පවා ඇගේ දරුවා සොරකම් කිරීමටත් අපට අයිතියක් ඇති බව අපි සිතමු. ඉන්පසු අපි ඇගේ පැටවා සඳහා ඇය සතු කිරි රැගෙන අපි අපේ කෝපි සහ ධාන්‍ය වර්ග වලට දමන්නෙමු.
අප යමක් පරිත්‍යාග කළ යුතු යැයි හෝ යමක් අත හැරිය යුතු යැයි සිතන නිසා, පුද්ගලික වෙනසක් පිළිබඳ අදහසට අපි බිය වෙමු. නමුත් මිනිසා ඔහුගේ උපරිමයේදී ඉතා නිර්මාණශීලී වන අතර හා නව නිපැයුම්කරණයෙහි සමතෙකි. ඒ අනුව සියලුම ජීවීන්ට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන වෙනස්වීම් පද්ධති නිර්මාණය කිරීමට, සංවර්ධනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට අපට හැකිය.
මම මගේ ජීවිත කාලය පුරාම නින්දිතයෙක් ලෙස හැසිරී තිබේ. මා ආත්මාර්ථකාමීයි. මා සමහර විටෙක කුරිරු වී ඇති අතර, මා සමඟ වැඩ කිරීමට අසීරු වෙලා තියෙනවා. නමුත් මෙහි සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් මට දෙවන අවස්ථාවක් ලබා දීම ගැන මම කෘතඥ වෙනවා. මම හිතන්නේ අපි අපේ උපරිමයට ළඟා වෙන්නෙ අපි එකිනෙකාට සහයෝගය දක්වන විටයි. අපෙ අතීත වැරදි නිසා අපි එකිනෙකාව අවලංගු කරන විට නොව, වර්ධනය වීමට එකිනෙකාට උදව් කරන විට, අපි එකිනෙකා දැනුවත් කරන විට, ඒ වගේම අපි එකිනෙකා මිදීම සඳහා මඟ පෙන්වන විටයි.
මගේ සහෝදරයා රිවර්, ඔහුට වයස අවුරුදු 17 දී ඔහුගේ ගීතයක මෙලෙස ලිව්වා.
“ ගැලවීම වෙත ප්‍රේමයෙන් දිවයන්න, එවිට සාමය ඔබ පසුපස එනු ඇත”!
ස්තූතියි!”
පරිවර්තනය – ෂෙනූ පෙරේරා