භූතානයේ පැවති DRUK අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රමුඛ සම්මාන කිහිපයක් දිනා ගැනීමට ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටය සමත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපටයේ මංගල දර්ශන වාර ඇරඹි ඊයේ (16) දිනයේදී සුනාමි මෙසේ ඇගයීමට ලක් වීමයි.
මෙහිදී විචාරක සම්මානය මෙන්ම හොඳම නිළිය සම්මානය නිරංජනී ශන්මුගරාජා හටද හොඳම කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරිය හටද හිමිව තිබෙනවා.
සුනාමි චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනමාහල් රැසක ප්‍රදර්ශනය වනවා.
![](http://www.helawoodpopcorn.com/wp-content/uploads/2020/01/tsunami-druk-1.jpg)
![](http://www.helawoodpopcorn.com/wp-content/uploads/2020/01/tsunami-druk-3.jpg)
![](http://www.helawoodpopcorn.com/wp-content/uploads/2020/01/tsunami-4.jpg)