නිව් ඉම්පීරියල් ටෝකීස් සාමාන්‍යාධිකාරි අනුරාධ රැකව මහතා ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති ධූරයට පත්ව තිබෙනවා. ඒ පසුගියදා රැස් වූ මහා සභා රැස්වීමේදී. මීට පෙර මෙම ධූරය දැරුවේ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන මහතායි.
රැකව මහතාට අමතරව සුනිල් ටී ප්‍රනාන්දු මහතා උප සභාපති ධූරයකින්ද, ලයිට් සිනමාස් අධිපති අනුර ජසෙන්තුලියන මහතා ලේඛම් ධූරයෙන්ද පිදුම් ලබා තිබෙනවා.
චිත්‍රපට නිෂ්පාදකයින්, සිනමාශාලා හිමිකරුවන් සහ බෙදාහැරීම් මණ්ඩල නියෝජිතයන් අයත් වන්නේ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයටයි.
අනුරාධ රැකව මහතා අයත් වන නිව් ඉම්පීරියල් ටෝකීස් ආයතනය මෙරට යටත් විජිත යුගයේ සිට ජංගම සිනමාහල් පවත්වාගෙන ආ සමාගම වන අතර නිව් ඉම්පීරියල් තියටර්ස් නමින් දශක ගණනාවක් ස්ථාවර සිනමාහල් පවත්වාගෙන ආ සමාගමයි.
එමෙන්ම සිකුරු හතේ සහ පහ සමත් චිත්‍රපට 2 නිෂ්පාදනය කළේද නිව් ඉම්පීරියල් ටෝකීස් වෙතින්.