මානසික සිතිවිලි ගනුදෙනුවක උන්මාදය ‘උලලේනී’

2019 දෙසැම්බර් 13 – දිවයින
ශාන්ත කුමාර අපොන්සු

ඇය දැවැන්ත දෙමහල් නිවසක සිටින අන්දමින් පේ‍්‍රක්ෂකයා දකින සජීවී රූපණයකි. ඇය ජීවත්වෙයි. අයස්කාන්ත රුවකින් හෙබි මාලතී නම් වූ ඇයගේ මනසේ ප‍්‍රතිබිම්බය භීෂණ කුලකයක් තුළ මරණප‍්‍රාප්ත පරිසරයක හැසිරීමකි. ඇයගේ භාවමය පිළිසරණ එයම වී තිබේ. එක් රැයක ඇයගේ පරිකල්පන ශක්තීන් මුසු ලෝකයේ ආභාසය ‘උලලේනි’ සිනමා නිර්මාණය තුළින් මතු කර පෙන්වීමට අධ්‍යක්ෂවරයා දරන උත්සාහය එක්තරා මායාමය කැරැල්ලකි.

‘’අම්මා මට බයයි ඇයි ඔයාට එන්න බැරි’’
 
මනස සම`ග සිදු කෙරෙන භාවමය ගනුදෙනුවක මනෝ භාවිතයකි. නිදසුන පසුව දර්ශනය වන ගෘහස්ත දුරකථනයේ බිඳුණු සබඳතාවයයි.
 
රූපවාහිනියෙන් ඇසෙන ඝාතන ප‍්‍රවෘත්තිය සනිටුහන් වීම පේ‍්‍රක්ෂකයාගේ ඇස තවදුරටත් ග‍්‍රහණය කර ගැනීමේ වෑයම මින් පිළිබිඹු වේ. එය අධ්‍යක්ෂවරයාගේ අපේක්ෂාව විය හැකිය.
 
සහතික වශයෙන්ම 16/4, උයන පාර, බණ්ඩාරවෙල, බණ්ඩාර ගේ නිවස බව තහවුරු වෙද්දී: ‘මට පිස්සු’ හදවනව හැම එකම යනුවෙන් මාලතී පවසයි. විපර්යාස රැුසකින් අනතුරුව නිවසේ දොර විවෘත කිරීමත් සම`ග පළමු ආගන්තුකයා නිවසට ඇතුළු වේ. අහඹුවක් වුවත් සිදුවේ. රූපවාහිනි ඝාතන ප‍්‍රවෘත්තිය යළිත් ආවර්ජනය වීම තවත් ගැටුමකට මුල පුරයි.

‘‘ඔයා හිතන්නේ ඒ මම කියල ද?’’
 
 පළමු ආගන්තුකයාගේ ප‍්‍රශ්නය තුළ ඇත්තේ පිළිතුරු විරහිත බවකි.
 
 ‘‘ගැස්සෙන හිතක් තියෙන්නේ. අනේ හොඳින් හිටියා. පස්සෙ එයා මැරුණා.’’
 
 පළමු ආගන්තුකයාගේ පාපොච්චාරණ වාග් විලාස පුරා විiාව ඉගෙන ගන්නා මාලතී ගේ මනෝලෝකයත් පරිකල්පනයත් තුළ සැකය මුහුකුරා යයි. ඒ අතරේ විදුලිය විසන්ධිවීම අධ්‍යක්ෂවරයාගේ කි‍්‍රයාවලියේ අහඹුවක් දැයි සිතේ. අනතුරුව සත්ව ඝාතනයකි.
 
 ‘‘ජෙසී යක්ෂ පැටියා’’
 
 පළමු ආගන්තුකයාගේ ප‍්‍රහාරාත්මක ගොදුරක් බවට පත්වේ. දුක හිතෙන උලලේනිය ගේ ජීවිතය පේ‍්‍රක්ෂකයාට කරුමයක් වැන්න. මනස් චින්තනය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට යෑමේ අනන්තය විග‍්‍රහ කර ගැනීමට නොහැකිව අධ්‍යක්ෂවරයා අතරමංවීම කනගාටුවට කරුණකි.
 
 ‘‘මෙයා මිනීමරුවෙක්’’
 
 ‘‘මං පොලීසියෙන්’’
 
 පළමු හා දෙවැනි ආගන්තුකයන් අතර සිදුවන සිතුවිලි දෝලනය කිසියම් කයිවාරුවක් වැන්න. සාධනීය ලක්ෂණ කිසිවක් සිනමා නිර්මාණයට ගම්‍ය මානීව සිදු නොවේ. එය සිනමා නිිර්මාණයට එකතු කළ අනුචිත බාල වර්ගයේ රහක් නැති කතා බහක් පමණි.
 
 ‘‘තමුසෙ මොකටද මෙහෙ ආවෙ’’
 
 මාලතී ගේ හැසිරීම සංවෘත කි‍්‍රයාවලියකි. විලාසයකි. අරුතෙහි සුන් බව මතුවෙන්නේ එබැවිනි. ප‍්‍රශස්ත රංගන භාවිතාවක හසුරුව නිරූපණය නොවීම තුළ ඇත්තේ ඇගේ දක්ෂතා උකහා ගැනීමට අධ්‍යක්ෂවරයා සතු ලඝු වූ උත්සාහයයි.
 
 ‘‘දෙන්නම සැකයි’’
 
 අම්මා වෙත මාලතී ලබා දෙන අවසාන ඇමතුම, මනෝමය භාව ප‍්‍රකාශය යළි යළි සිදුවන සෘණාත්මක හරයකි.
 
 ‘‘මිනිස්සු දෙන්නෙක් ගෙට රිංගලා’’
 
 ගෙට රිංගුවේ නැත. දොර ඇර ඇතුළට ගත්තා ලෙසින් සංශෝධනය වූයේ නම් ප‍්‍රකාශය පේ‍්‍රක්ෂකයාට හරයකි. අම්මාට පණිවුඩය දීම හා පැමිණෙන අම්මා කෙනෙක් ද නැත. ගෘහස්ත දුරකථනය රැුහැනින් විසන්ධි වූ සබඳතාවකි. අධ්‍යක්ෂවරයාගේ කි‍්‍රයාවලිය ද සිනමා නිර්මාණය තුළ සැබෑම විසන්ධි සබඳතාවකි.
 
 ‘‘මේ ගෙදර කවුරුහරි ඉන්නවා’’
 
 සැකයේ ඊළ`ග ඉලක්කය කරා පේ‍්‍රක්ෂක ඇස රඳවාගෙන ගෙනයෑම පුංචි හරවත් ඉ`ගියකි. නමුත් ක්ෂණිකව එය බිඳවැටේ. ගැටුම තුළ ගැටුමක් ඉස්මතු නොවේ. සිනමා නිර්මාණයේ සාරය අසාර වන්නේ ඒ හේතුවෙනි. ඉහළ මාලයේ මියගොස් සිටින්නේ මිස්ටර් බණ්ඩාර බව ඒත්තු ගැන්වෙන නමුදු ඔහු මාලතී ගේ කවුරුද යන්න හෝ සබඳතාව හෝ ඉ`ගි නොවෙයි.
 
 පළමු ආගන්තුකයා සොයා එන්නේ සත්‍යයම පුද්ගලයා විය හැකිය. දෙවැනි ආගන්තුකයාගේ පැමිණීම හේතු ඵල රහිත මතුවීමකි. ඊට සාධනීය සාධක අධ්‍යක්ෂවරයා මතු නොකරයි. ප‍්‍රධාන භූමිකාව මාලතීගේ මනෝ භාවයන් තුළින් වුවද මතු නොවන වික්ෂිප්තයකි. මාලතීගේ මිස්ටර් ජයවීර හිතලූවකි. කෙසේ වුවද ආගන්තුකයෝ ඝාතනය වෙති. ප‍්‍රසන්න හැ`ගීමෙන් මාලතී පේ‍්‍රක්ෂකයා හමුවට පැමිණෙන විට සියල්ල නිද්‍රාවට පත් වී අවසන්ය. රූප අඳුර ආලෝකය හා ෙඡ්දනය වේ. ගෘහය තුළ ප‍්‍රසන්න ලීලාවකි. යළි සීනුව නාද වේ. දොර විවෘත කිරීමට පෙර ‘‘කවුද මේ’’ දොර මැද පළි`ගු කවුළුවෙන් මාලතී බලයි. පේ‍්‍රක්ෂකයාට සිදුවන්නේ හිස් අතින් අසුනින් නැ`ගිට පැමිණීමට ය. මනෝ ප‍්‍රකෘතිය චලනය වෙයි. සමාප්තිය සනිටුහන් වෙයි.
 
 කෙසේවෙතත් ‘ඔබ මනසින් මඳකට හෝ පීඩා නොවිඳිය යුතුය’ යනුවෙන් අධ්‍යක්ෂවරයා පුංචි පණිවුඩයක් පේ‍්‍රක්ෂකයාට තිළිණ කරයි.


රුධිරය පිස දැමීම ප‍්‍රකෘති තත්ත්වය පිළිබඳ ඉ`ගියක් මාලතී ගේ ප‍්‍රසන්න මුහුණ ගලපන්නේ විසන්ධි වූ ගෘහස්ත දුරකථනයේ රැුහැන් පට යුගලයයි.
 
 අවසානයේ අතරින් පතර දකින වෙස්මුහුණ රුව භීෂණයක් අත්විඳිය හැකි දුර රැුගෙන පේ‍්‍රක්ෂක ඇසින් ඈතින් ඈතට යෑම හසරැුල්ලක් නොවී කැරැුල්ලක් වීමද ගැටලූවකි.
 
 සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් හා රංගන ශිල්පියෙක් වූ හේමන්ත ප‍්‍රසාද් සිය කුළුඳුල් සිනමා නිර්මාණයට දායක කරගන්නා නව පරපුරේ තාක්ෂණ ශිල්පීන් අතරින් මයුර කාංචන (කැමරාකරණය*, චාමර නුගලියද්ද (සංගීතය*, තාරක බැද්දගේ (සංස්කරණය*, ගෙන් ලබාගෙන ඇති දායකත්වය අමිලය. නමුත් ප‍්‍රස්තුතය හරහා ඉස්මතුව ධනාත්මක නොවීම කනගාටුවකි.
 
 රංගන භාවිතාව තුළ ගයනි ගිසන්තගේ සීමාව සිනමා නිර්මාණය තුළ ප‍්‍රශස්ත ඉමට ළ`ගාවීමට තිබුණු අවස්ථාවන් වරින් වර අනවශ්‍ය අවස්ථා දීර්ඝවීම තුළ ලඝු කරගෙන තිබේ. බොහෝ රූප අවස්ථා ක්ෂණිකව වෙනස් නොවන තත්ත්වයක ඇදි ඇදී ගලා යයි. එම භාවිතය කතා සංකල්පය තුළ බලාපොරොත්තු වන මනෝවිiාත්මක කෙසේ වෙතත් භීෂණ අවස්ථාවන් ඉබේම ලත් තැනම ලොප් වේ.
 
 චමීර ලියනගේ, සංජීව උපේන්ද්‍ර, අධ්‍යක්ෂවරයාගේ බලාපොරොත්තුවට අනුරූපව හැඩ ගැසී කටයුතු කරති. ඒ අනුව රංගන ඉස්මතුව සිනමා නිර්මාණය තුළ අවභාවිත වී තිබේ.
 
 වෙළෙඳ දැන්වීම් සහිතව මිනිත්තු තිහකින් නිමාවෙන පරිදි සංස්කරණය කර සකස්කළ හැකි ඒකාංගික ටෙලි නාට්‍යයකට සරිලන වස්තු බීජය මිනිත්තු අසූ පහක පමණ කාලයක් පුරා දිග හැරෙන සිනමා නිර්මාණයක් ලෙස සකස් කරන්නට යත්න දැරීමේ පාප කර්මය අත්විඳින්නට සිදු වී ඇත්තේ අධ්‍යක්ෂවරයාට නොව පේ‍්‍රක්ෂකයාට වීම ‘උලලේනි’ නම් වූ මනෝවිiාත්මක භීීෂණ ශානරයේ සිනමා නිර්මාණයකැයි නම් කළ මෙහි ඇති තවත් කනගාටුදායක තත්ත්වයකි.
 
 -ශාන්ත කුමාර අපොන්සු-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *