නෝලන් ගේ මීළඟ චිත්‍රපටය 2020 දී , ගෙදරින් එලියට සිනමාව ගෙන යා යුතුයි – Christopher Nolan

අප ලංකාවේ අත්දකින සිනමාව තිබෙන්නේ බොහෝ විට නිවසේ ආලින්දයේය. එය බොහෝ විට රූපවාහිනිය කේන්ද්‍ර කර ගනී. දේශීය වේවා විදේශීය වේවා ඒ චිත්‍රපට ලංකාවේ සමාජය වැළඳගන්නේ ආලින්දයේ සිටය. නමුත් ලෝකයේ ප්‍රධාන දහරාව මීට වෙනස්ය. දියුණු ප්‍රේක්ෂකයා නිවසේ මෙන්ම රිදී තිරයේ අත්දැකීම සම සේ බෙදා ගනී. නමුත් ලෝකයේ වර්තමානය එහෙමත් නැතිනම් 2019 වන විට ප්‍රධාන දහරාවේ සිනමාව යම් චලනය වීමකට ලක් වන්නේ අන්තර්ජාල මාධ්‍යයේ විනෝදාස්වාදන රටාව ජනප්‍රිය වීම හේතුවෙනි. Netflix යනු එහි ජනප්‍රිය සංඛේතයක්. හොඳම උදාහරණයක් නම් මෙවර Oscar සම්මාන වැඩි ප්‍රමාණයකට නිර්දේශ වූ ROMA චිත්‍රපටය Netflix නිෂ්පාදනයක් වීමයි.

ඒ අනුව වඩා ජනප්‍රිය අන්තර්ජාලය මේ වන විට ප්‍රධාන දහරාවේ අංගයන් වේගයෙන් අකුලමින් සිටී. උදාහරණයක් ලෙස අති විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් මේ වන විට සිනමාශාලාවලට අවම කරමින් සිටී. ඒ වෙනුවට Netflix ඇතුලු අන්තර්ජාල විනෝද මාධ්‍යය කරා නිවස ඇතුලු ඕනෑම තැනකදී ප්‍රේක්ෂකයා සිනමාවට ලං වෙමින් ඇත.

මේ අතරතුර ඉන්සෙප්ෂන්, ඩාර්ක් නයිට්, ඩන්කර්ක් ඇතුලු අති දැවැන්ත චිත්‍රපට නිපැයූ ක්‍රිස්ටෝෆර් නෝලන් තමාගේ මීළඟ චිත්‍රපටය 2020 දී එලිදක්වන බව එක්සත් රාජධානියේ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. ඔහු තෝරාගන්නා කතා තේමාව ගැන හෙළි නොකළ නමුත් එය 2020 ජුලි 17 වන දින එළිදක්වන බව කියා සිටියා.

ඒ සමගම ඔහු කියා සිටි තවත් දෙයක් ඇත. එනම් සිනමාව නිවස තුල හැකිලීමට එරෙහිව අධ්‍යක්ෂවරු එකතු විය යුතු බවටයි. ඔහු එයින් අදහස් කළේ වෙන කිසිවක් නොවෙයි. තිරයට ගැලපෙන නව අදහස් හා නව ශානරයන් අධ්‍යක්ෂ වරුන් විසින් බිහි කළ යුතු බවයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ඩාර්ක් නයිට් , ඉන්සෙප්ෂන් , ඩන්කර්ක් ආදී චිත්‍රපට විශාල තිරයන් වෙනුවෙන් කළ දැවැන්ත චිත්‍රපට ඝනයට වැටේ. ඒවා අදටත් ලෝකයේ ප්‍රේක්ෂකයාට දැවැන්ත සිනමාපට වේ. එමෙන්ම ඔහු ඩන්කර්ක් චිත්‍රපටය පවා රූ ගත කළේ දැවැන්ත රූප ලබා දෙන IMAX තාක්ෂණයෙනි.

නෝලන් තවදුරටත් ‘සිනමාව ගෙදරින් එලියට ගෙන යාම වහා කළ යුත්තක්. එමෙන්ම සිනමාශාලා හිමියා සමඟ වඩා හොඳ සංවාදයක් ගොඩනගා ගැනීම සිනමාකරුවා කළ යුතුයි’ යනුවෙන් ඔහු එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කර සිටියා. ගිය වසරේ ඔහු ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණ එහි සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළේ වඩා දැවැන්ත සිනමා අත්දැකීමක් වෙනුවෙන් නැවතත් පටල පට වලින් චිත්‍රපට රූ ගත කිරීම ආරම්භ කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *