අනුෂාගේ ‘දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය’ බදාදා එලියට

ලේඛිකා අනුෂා සිවලිංගම් විසින් රචිත ‘දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය’ 13 වනදා බදාදා සවස 4.30 ට කොළඹ 7 මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතයි. අනුෂා සිවලිංගම් මීට පෙර බොහෝ දෙමළ මතවාදී ලියවිලි සිංහලයට පරිවර්තනය කර තිබේ.

‘දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය’ ග්‍රන්ථය ඇය මුලින් රචනා කර තිබෙන්නේ දෙමළ භාෂාවෙනි. එය ඉන්දීය ප්‍රකාශන ආයතනයක් විසින් ප්‍රකාශන අයිතිය ලබා ගෙන තිබේ. මෙම ග්‍රන්ථය ප්‍රකාශනයට පත් කරන්නේ අහස ප්‍රකාශකයෝ විසින්.

ලාංකේය සිනමාවේ නොදුටු , නොඇසූ පැතිකඩක් අනුෂා මෙම ග්‍රන්ථයෙන් හෙළිකරනු ඇත. මෙහි අදහස් දැක්වීම් කෝමාලි කිංග්ස් අධ්‍යක්ෂ කිං රත්නම් , චින්තන ධර්මදාස සමඟින් සිනමා විචාරක භූපති නලීන් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *