සිනමා අධ්‍යයන ඩිප්ලෝමාවට දැන්ම අයදුම් කරන්න

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මෙහෙයවන සිනමා අධ්‍යයනය පිලිබඳ ඩිප්ලෝමාව සඳහා 2019 වසරට නවක අපේක්ෂකයන් බඳවා ගන්නා බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. අධ්‍යනයෙන් පසු ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වැඩි දුර උපාධි සහ වෙනත් සිනමා අධ්‍යනයන් සඳහා සුදුසුකමක්ද වනවා.

වසරක කාල සීමාවක් අධ්‍යනය සඳහා වෙන් කොට තිබෙන අතර සිනමාවේ ප්‍රායෝගික හා සිද්ධාන්ත ආවරණය කෙරේ. අයදුම් පත් එවීම සඳහා වන අවසන් දිනය වන්නේ මාර්තු 29.

www.nfc.gov.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත හැක.

වැඩි විස්තර සඳහා 0112 585721 අමතන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *