BREAKING NEWS : ඉන්දු – පකිස්තාන යුධ ගිනි මැද ඉන්දීය සිනමාවට තහංචි

පසුගිය සතියේ (14 වනදා) ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ පකිස්තාන දේශ සීමා ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පසුව ඉන්දීය හා පකිස්තාන දේශපාලනය දැඩිව උණුසුම් වුනා. එම ප්‍රහාරයට ඉන්දියාව පකිස්තාන ආරක්ෂක අංශ සැක කළද පකිස්තාන රජය එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කළා. එම ක්‍රියාව තවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි පකිස්තානය සඳහන් කරන්නේ. ඉන් අනතුරුව එයට ප්‍රතිචාරයක් ලෙස ඉන්දීය ගුවන් හමුදා පකිස්තාන ගුවන් ප්‍රදේශ ආක්‍රමණය කරමින් ත්‍රස්තවාදී කඳවුරු කිහිපයකට බෝම්බ හෙලූ බවට ප්‍රකාශ වුනා. ඒ පකිස්තානයේ බලාකොට් ප්‍රදේශයටයි. ඒ අතර පකිස්තානයද ප්‍රකාශ කරන්නේ තමන් ඉන්දීය ගුවන් හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ නමුත් මෙම දේශපාලන හා යුධ උණුසුම දෙරටේ සිනමාවටත් බලපෑම් කරමින් සිටිනවා. එය මීට දින කිහිපයකට පෙර ක්‍රිකට් වලටද බලපෑම් එල්ල කළ තත්වයක් යටතේ පකිස්තානය අද වන විට තීරණය කරන්නේ සියලුම ඉන්දීය චිත්‍රපට හා වෙළඳ දැන්වීම් විකාශය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටයි.

ඒ අනුව ඉන්දීය චිත්‍රපට ශාලා වල බෙදාහැරීමත් මාධ්‍යය වල විකාශය කිරීමත් අද සිට තහනම් වනු ඇති. එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත වෙළඳ දැන්වීම් විකාශය තහනම් කිරීමටත් ඒවාට පකිස්තාන ශිල්පීන්ගේ දායකත්වය තහනම් කිරීමටත් පකිස්තාන රජය කටයුතු කර තිබෙනවා.

මේ අතර පකිස්තානය පවසන්නේ ඉන්දියාවේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියා වලට ප්‍රතික්‍රියා ‘විශ්මයානුකූලව’ ලැබෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *