Lady Gaga ට ඔස්කාර් උළෙලේදී හැඬුම් එයි

අද ලෝකයේ ජනප්‍රියම ගායන තරුවක් වන Lady Gaga ට ඔස්කාර් වේදිකාව මතදී හැඬුම් ආවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඇය ‘A Star is Born’ චිත්‍රපටයේ ‘Shallow’ ගීතය වෙනුවෙන් හොඳම ගීතය වෙනුවෙන් සම්මානය දිනාගත් අවස්ථාවෙයි.

ගීතය වෙනුවෙන් කැපවුණු සියල්ලන්ටම ස්තූති කළ ඇය ඒ හැඬුමෙන්ම විශේෂ ප්‍රකාශයක් කළා. එනම් ඇය තමන්ගේ සහෝදර රංගන ශිල්පී බ්‍රැඩ්ලි කූපර් දෙස බලා ‘මේ ගීතය එක්ව ගයන්නට ඔබ මිස මේ ලෝකේ කිසිවෙක් නැත’ යන්නයි.

A Star is Born චිත්‍රපටයේ ප්‍රධාන චරිතද නිරූපණය කළේ බ්‍රැඩ්ලි සමඟින් Lady Gaga. බ්‍රැඩ්ලි කූපර් එහි අධ්‍යක්ෂවරයාද වනවා.

Lady Gaga ඔස්කාර් සම්මානය ඇතැතිව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *