ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය (ONUR) මගින් පවත්වන ‘නිදහස් චිත්‍රපට උළෙල’ පෙබරවාරි 21 , 22 , 23 යන තෙදින තුල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.
ඊට සමගාමීව පවත්වන විශේෂ කතිකාවත 23 වනදා සෙනසුරාදා සවස 4.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය, සිනමාවේදී සුමති ශිවමෝහන් , කලා විචාරක ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමඟින් දිලීප අබේසේකර සහභාගී වීමට නියමිතයි.
