ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය වන SPORTSINFO ආයතනය සහ ජාතික ක්‍රීඩා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන ‘සිල්ක් අන්තර්ජාතික ක්‍රීඩා සිනමා උළෙල’ පෙබරවාරි 26 , 27 , 28 තෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.
මෙම සිනමා උළෙලේ ප්‍රමුඛ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා බැඳුණු සාහිත්‍යය වැඩි දියුණු කර පෝෂණය කිරීමයි. ඒ සඳහා අවශ්‍යය ජවය ලබා දෙන්නේ PEO TV වෙතින්. එම කාර්යයට සයිබර් මාධ්‍යය අවකාශය සලසා දෙන්නේ හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව තුලින්.
මෙවර ක්‍රීඩාව මූලික කොට ගත් විශිෂ්ට චිත්‍රපට 3ක් 26 , 27 , 28 තෙදින තුල තිරගත කිරීමට නියමිතයි. 26 වනදා ‘ද මිරකල් සීසන්’ චිත්‍රපටයද 27 වනදා හින්දි චිත්‍රපටයක් වන ‘ගෝල්ඩ්’ චිත්‍රපටයද 28 වනදා තවත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වන ‘එම එස් දෝනි’ චිත්‍රපටයද ප්‍රදර්ශනය වෙනවා.
ඊට සමගාමිව ක්‍රීඩාව සම්බන්ධ වන තේමාවන් අළලා විද්වත් කතිකාවතක් උළෙලට සමගාමිව සිදු වෙනවා.
වැඩි විස්තර සහ යාවත්කාලීන වීම් හෙළවුඩ් POPCORN තුලින් බලාපොරොත්තු වන්න.


