මේ සීතල නත්තලේ, සුපිරි බොලිවුඩ් නලු ‘Salman Khan’ රඟන..

නිවාඩු පාඩුවේ බලන්න සුපිරිම සිනමා අත්දැකීමක් ඔබ ළඟටම. පියෝ ටීවී මේ උත්සව සමයේ ගෙන එන්නේ බොලිවුඩයේ  සුපිරි ඛාන් වරයෙක්ගේ චිත්‍රපටයක්. ඒ සල්මන් ඛාන් රඟන ‘අන්තිම්’. මෑතකම තිරයට ආ දැවැන්තම හින්දි චිත්‍රපටය.  

සල්මන් ඛාන්ගේම නිෂ්පාදනයක් වන අන්තිම් අධ්‍යක්ෂණය කරන්නේ මහේෂ් මන්ජ්රේකාර්. සල්මන් ඛාන් සමඟින් ආයුෂ් ශර්මා, සුරූපී නිලි මහීමා මක්වානා මෙහි චරිත මවනවා. මරාති චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් වන අන්තිම් පොලිස් නිලධාරියෙක් හා පාතාල නායකයෙක් අතර වන ගැටුමක කතාවක්. ගොවිතැන් කරන ගොවීන් අතරට පාතාලය සම්බන්ධ වීමත් ඉන් ඇති වන ප්‍රතිපල වලට පොලිස් නිලධාරියා මැදිහත් වීමත් පසුව මෙය ද්වන්ධ සටනක් දක්වා වර්ධනය වීමත් අන්තිම් කතාව බවට පත්වෙනවා.

සුපුරුදු ලෙසම සල්මන් ඛාන්ගේ ක්‍රියාදාම රංගනය අන්තිම් තුලින්ද දැක ගත හැකි වෙනවා. විනාඩි 138 ක් පුරාවට දිවයන චිත්‍රපටයට 7.2 ක imdb අගයක්ද ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රූපවාහිනිය ඔස්සේ සමීප වන අන්තිම්, සී ස්ටුඩියෝස් ඉදිරිපත් කිරීමක්.      

නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ටිකේ පියෝ ටීවී සහ පියෝ ටීවී ගෝ වෙතින් අන්තිම් ප්‍රමාද නොකර නරඹන්න.

Home Menu > Movies > Premiere හෝ Home Menu > Movies > HD Collection
හරහා පිවිස පැය 48ක් දක්වා චිත්‍රපටය රසවිඳින්න   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *