‘මචං’ ඔරිජිනල් කට්ටිය හෙළිවෙයි (Video)

2008 ආපු ‘මචං’ චිත්‍රපටය මතකද? දේශීය හා විදේශීය වශයෙන් ඇගයීමට ලක් වූ චිත්‍රපටයක්. මේ සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉතාලි ජාතික උබර්තෝ පැසොලිනි. උබර්තෝ ඊට පෙර චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුනේ නැහැ. ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. අහම්බයෙන් දකින මේ කතාව නිසා ඔහුට අවශ්‍ය වෙනවා මෙය චිත්‍රපටයකට නගන්න. ප්‍රසන්න විතානගේ චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වෙන අතරේ රුවන්ති ද චිකේරා මෙහි තිර රචනයට දායක වෙනවා.

මේ වීඩියෝ පටය අන්තර්ජාලයේ සංසරණය වෙච්ච එකක්. මචං හැදෙන්න හේතු වෙච්ච ඒ ඇත්ත හෑන්ඩ් බෝල් කණ්ඩායම ඒ වීඩියෝ පටයේ ඉන්නවා.

මෙතැනින් බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *