ප්‍රසන්නගේ ‘ගාඩි’ යුරෝපා මංගල දැක්මට සූදානම්

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ පසුගියදා පිදුම් ලැබුවේ විචාරක සම්මානයකින්. ඒ බංග්ලාදේශයේ ඩකා සිනමා උළෙලේදී. ඒ සමඟම ගාඩි සිය ප්‍රථම යුරෝපා දැක්මට සූදානම් වෙනවා.

ඒ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේදී. ඒ අනුව ගාඩි ප්‍රථම වරට 27 වනදා මහජන ප්‍රදර්ශනයක් අරඹන අතර පෙබරවාරි 1 වනදා තෙක් චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා. රොටර්ඩෑම් සිනමා උළෙල යනු ලොව පිළිගත් සිනමා උළෙලක්.
එහි ‘Voices Main Programme’ යටතේයි ගාඩි ප්‍රදර්ශනය වන්නේ.

සජිත අනුත්තර සමඟින් දිනාරා පුංචිහේවා ප්‍රධාන චරිත නිරූපණය කරන ගාඩි කැමරා අධ්‍යක්ෂණය ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙක් මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙක් වන රජීව් රවී ගෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *