චාමර ජනරාජ් පීරිස් ගේ ‘උතුරු සුළඟ’ මාධ්‍ය දර්ශනය දා (Photos)

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ සිනමා ආගමනය ‘උතුරු සුළඟ’ මාධ්‍ය දැක්ම පසුගිය දා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී.

මෙරට රූපවාහිනී නාලිකා වල අතිශය ජනප්‍රිය වූත් සම්මානලාභී වූත් ටෙලිනාට්‍ය වන ‘අයාල්’, ‘පියවි’ , ‘යාය 4’ මෙන්ම තහනමට ලක්වූ A 330 යන ටෙලිනාට්‍ය නිර්මාණය කළේ චාමර විසිනි.

තරුණයෙක් සහ සුන්දර ගමක් වටා ගෙතෙන කුතුහලය දනවන කතාවක් ‘උතුරු සුළඟ’ වෙත අඩංගුය.

මේ අවස්ථාව සඳහා මාධ්‍ය හිතවතුන් මෙන්ම සුබ පතන්නන් රාශියක් එක්ව සිටියා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *