ඔස්කාර් නාමයෝජනා පිටවෙයි.. Joker ඉදිරියෙන්..

92 වන වතාවටත් පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතයි. ගිය වසරේ තිරගත වූ බොහෝ චිත්‍රපට අතරින් ලෝකයක් වැළඳගත් නිර්මාණ බොහොමයක් මෙවර උළෙලේ සම්මාන සඳහා සළකා බැලීමට නියමිතයි.

ඒ අනුව පසුගියදා මෙවර ඔස්කාර් සම්මාන සඳහා වන නාමයෝජනා ලැයිස්තුව එළිදැක්වුනා. බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි ටොඩ් ෆිලිප්ස් ගේ Joker ඉහල නාමයෝජනා සංඛ්‍යාවකට හිමිකම් කිව්වා. ඒ ගණන 11ක්. එමෙන්ම තවත් ඉහල අපේක්ෂිත චිත්‍රපටයක් වූ කුවින්ටන් ටැරන්ටිනෝ ගේ Once Upon a Time in Hollywood චිත්‍රපටයද නාමයෝජනා 10ක් සඳහා හිමිකම් කියනවා.

ඊට අමතරව සෑම් මෙන්දේස් ගේ ‘1917’ ප්‍රධාන සම්මාන සඳහා තරඟ වදින අතර කාන්ස් උළෙලේ පාම් දෝ සම්මානය දිනා ‘Parasite’ කොරියානු චිත්‍රපටය මෙවර ප්‍රධාන සම්මාන සඳහා වන තරඟය තියුණු කර තිබෙනවා.

ඒ අනුව බොහෝ දෙනා අවධානයෙන් බලා සිටින සම්මාන උළෙලක් බවට මෙවර ඔස්කාර් සම්මාන උළෙල පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *