Joker පූර්ව ප්‍රචාරක පටය එලියට. වෙනිසියේදී දිගු අත්පොලසන්…

ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කරන ලද Joker චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එලි දැක්වුණා. වෝනර් බ්‍රදර්ස් බෙදාහැරීමක් ලෙස නිකුත් වීමට නියමිත Joker ඔක්තෝබර් 4 සිට ඇමරිකාවේ තිරගත වෙනවා. එමෙන්ම එය මුල් වරට ප්‍රදර්ශනය කෙරුණේ කැනඩාවේදී. ඒ ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී.

එමෙන්ම පසුගියදා Joker චිත්‍රපටය ඉතාලියේ වෙනිස් සිනමා උළෙලේ ප්‍රදර්ශනය වුණා. වාර්තා වෙන අන්දමට එහිදී ප්‍රදර්ශනය අවසානයේ මිනිත්තු 8ක දිගු අත්පොලසන් නාදයක් Joker වෙනුවෙන් ප්‍රේක්ෂකයන් ලබා දුන්නා.

Arthur Fleck නම් චරිතය කළු විසිලුකාර චරිතය නිරූපණය කරන ජෝකින් ෆීනික්ස් මෙහිදී විශිෂ්ට චරිත නිරූපනයක් කරන අතර මීට පෙර Joker චරිතයක් අන්තර්ගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ The Dark Knight චිත්‍රපටය මෙන්ම එම චරිතය නිරූපණය කළ හීත් ලෙජර් ද බොහෝ ප්‍රේක්ෂකයන්ට ආවර්ජනය වී තිබෙනවා.

පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *