ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කරන ලද ‘Joker’ චිත්‍රපටය පසුගියදා 76 වරටත් පැවති වෙනිස් සිනමා උළෙලේ ඉහලම සම්මානය ලබා ගත්තා. ඒ සිනමා ලෝකයේ මහත් ගෞරවයක් සේ සලකන ‘ගෝල්ඩන් ලයන්’ සම්මානයයි.
වෙනිස් සිනමා උළෙල සැලකෙන්නේ ලෝකයේ පැරණිතම සිනමා උළෙල ලෙසයි.
ටොඩ් ෆිලිප්ස් සමඟින් ජෝකර් චරිතය රඟපෑ ජෝකින් ෆීනික්ස් සම්මානය ලබා ගැනීමේ අවස්ථාවට සහභාගී වූ අතර ෆීනික්ස් ගේ රංගනය චිත්‍රපටයේ සාර්ථකත්වයට දැඩි සේ බලපා තිබුණා.
‘Joker’ ඔක්තෝබර් 4 සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.
