G 7 රටවල් 22ක් දෙද්දී ඩි කැප්‍රියෝ ඇමසන් නිවන්න 5ක් දෙයි

මේ වන විටත් දරුණු අර්බුධයක් බවට පත් වෙමින් යන ඇමසන් වනාන්තරය ගිනි ගැනීමේ සිද්දිය සඳහා මේ වන විට ලෝක නායකයන් පවා මැදිහත් වෙමින් තිබෙනවා. ලෝක උරුමයක් වන එමෙන්ම ලෝක ඔක්සිජන් පරිමාවෙන් සැලකිය යුතු නිපදවන ඇමසන් වනාන්තරයේ ගිනි සම්පූර්ණයෙන්ම නොමැති තත්වයක් මත එහි ජීවීන් මෙන්ම ස්වදේශික ජනයා දැඩිව අසරණ වී තිබෙනවා.

ලියනාඩෝ ඩි කැප්‍රියෝ සුපිරි හොලිවුඩ් තරුවකට අමතරව පරිසර ක්‍රියාකාරිකයෙක්. ඔහු විසින් පිහිටුවාගත් පරිසර පදනමෙන් ලෝකයේ බොහෝ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලවල් සඳහා දායකත්වය සැපයුවා. එමෙන්ම පරිසරයට සිදු වන බොහෝ නොපනත්කම් වලට විරුද්ධව ඔහු හඬ නැගුවා.

ඇමසන් අර්බුදය මෙසේ ඔඩු දුවද්දී ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්රෝන් බ්‍රසීලයට විරුද්ධව අවි අමෝරාගත්තේ ගිනි නිවා ඇමසන් සුරක්ෂිත කිරීමේ ඔවුන්ගේ උත්සාහයන් ප්‍රමාණවත් නොවන තත්වයක් මැදයි. මේ අතර ප්‍රංශයද ඇතුලත් වන G 7 කණ්ඩායමේ රටවල් ඇමසන් සුරක්ෂිත කිරීමේ මෙහෙයුමට ඩොලර් මිලියන 22ක් ලබා දීමට ද සූදානම් වුනා.

මේ සමගම ඩි කැප්‍රියෝ සිය පරිසර පදනම සමඟ ඇමසන් අරමුදලක් එකතු කිරීමට යුහුසුළු වූ අතර අවසානයේදී ඔහුට ඩොලර් මිලියන 5ක් ඒ සඳහා එකතු කිරීමට හැකියාව ලැබුණා. ඔහුගේ මේ මානව හිතවාදී ක්‍රියාව ලෝකයෙන්ම ඇගයූ අතර එම මුදල් ඇමසන් වනන්තරේ ජීවත් වන ස්වදේශික ජනතාවගේ යහපත පතා යෙදවීමට පියවර ගැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *