ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කෙරූ වාර්තා චිත්‍රපටයක් වන එමෙන්ම පුළුල් තිරයේ කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හෙට (28) පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්.
උසාවිය නිහඬයි දශක දෙකකටත් එපිට ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් ආශ්‍රයෙන් නිපදවූ වාර්තා චිත්‍රපටයක්.
විශේෂ දැක්මෙන් අනතුරුව සංවාදය ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ 5, කිරුල පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී මෙම විශේෂ දැක්ම පැවැත්වෙන අතර ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
