කාන්ස් ජූරිය නිල වශයෙන් එලි දක්වයි

ලෝකයේ අද්විතීය සිනමා උළෙලක් ලෙස සැලකෙන ප්‍රංශයේ ‘කාන්ස්’ සිනමා උළෙල මේ වසරේදීත් උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට නියමිතයි. ඒ 72 වෙනි වතාවටයි. මැයි මස 14 දින සිට 25 වනදා දක්වා ප්‍රංශයේ ගිනිකොණ දිග කාන්ස් නගරයේදී උළෙල පැවැත්වෙයි.

මෙවර ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ 2015 සහ 2016 වසරවල පිට පිට ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණු ඇලහෙන්ද්‍රෝ ගොන්සාලේස් ඉනාරිටු විසින්. පිළිවෙලින් The Birdman සහ The Revenent යන චිත්‍රපට සඳහා ඔස්කාර් සම්මාන දිනූ ඉනාරිටු 2006 දී කාන්ස් උළෙලේද හොඳම අධ්‍යක්ෂ බවට පත්වුණා. ඒ ඔහු අධ්‍යක්ෂණය කරන ලද ‘Babel’ චිත්‍රපටයටයි.

ඉනාරිටු සමඟ මෙවර Elle Fanning, Mamouna N’Diaye, Kelly Reichardt, Alice Rohrwacher, Enki Bilal, Robin Campillo,Yorgos Lanthimos සහ Pawel Pawlikowski යන සිනමා ප්‍රවීණයන් කාන්ස් ජූරිය වෙත නම් කොට තිබෙනවා.

උළෙලේ ප්‍රථම සිනමා පටය ලෙස ජිම් ජාමුෂ් ගේ The Dead Don’t Die ප්‍රදර්ශනය වීමට නියමිතයි.


ඇලහෙන්ද්‍රෝ ගොන්සාලේස් ඉනාරිටු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *