අජේ සිං ඩියෝල් නැතහොත් සනී ඩියෝල් බොහෝ දෙනා හඳුනාගත්තේ බොලිවුඩයේ කඩවසම් අති දක්ෂ රංගන ශිල්පියෙකු ලෙසයි. මෑත කාලයේ නිතර තිරයට නොපැමිණියද ඔහුගේ ජනප්‍රියභාවය තවමත් සෝදා පාලු වී ගොස් නැහැ.
අද ඉන්දීය මාධ්‍යය වාර්තා කළ ආකාරයට මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වන ඉන්දීය මහා මැතිවරණය සඳහා 62 හැවිරිදි සනී ඩියෝල් නාම යෝජනා බාර දී තිබෙනවා. ඒ පන්ජාබ් ප්‍රාන්තයේ ගුර්දාස්පුර් ආසනය වෙනුවෙන්. ඔහු නියෝජනය කරන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ නායකත්වයෙන් ඉන්දීය කොංග්‍රසයට එරෙහිව සටන් කරන භාරතීය ජනතා පක්ෂයෙන්. එහි ලකුණ නෙලුම් මලක්.
නාම යෝජනා බාර දෙන අවස්ථාවට සනී ගේ සොයුරු ජනප්‍රිය බොලිවුඩ් නලු බොබී ඩියෝල් ද එක්වී තිබෙනවා.
මෙවර මැතිවරණයෙන් ලෝක් සභාවේ ආසනයක් වෙන් කර ගැනීමට ඉහලින් බලාපොරොත්තු තබා ගෙන සිටින එකම ජනප්‍රිය චරිතය ඔහු නොවෙයි. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පවා දිල්ලි ප්‍රාන්තයෙන් මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඔහුද ඉදිරිපත් වුනේද භාරතීය ජනතා පක්ෂයෙන්.
