Avengers : Endgame එතෙක් මෙතෙක් වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය වන ලකුණු…

Avengers : Endgame ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළේ අප්‍රේල් 26 වන දිනයි. එහි පළමු සති අන්තයේදී බිඳ දැමිය හැකි ආදායම් වාර්තා වලින් බොහොමයක් බිඳ දැමීමට ENDGAME සමත් වූ අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් එතෙක් මෙතෙක් පළමු සති අන්තයේ වාර්තා කළ වැඩිම ආදායම වන ඩොලර් බිලියන 1.2ක් වාර්තා කිරීමට මාර්වල් සිනමා විශ්වයේ Avengers : Endgame සමත් වුනා.

දෙවන සති අන්තය හමාර කරන විට Avengers : Endgame තවත් ආදායම් වාර්තාවක් තැබීමට සමත් වුනා. එනම් ආදායම ලෙස ලෝකයේ වේගයෙන්ම ඩොලර් බිලියන 2 වාර්තා කිරීමයි. මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ. ජේම්ස් කැමරන් ගේ Avatar චිත්‍රපටයයි. ඒ සඳහා චිත්‍රපටය දින 47ක් ගෙන තිබුනා. ඒ අනුව Endgame බිඳ හෙලන්නේ දශකයක් පැරණි වාර්තාවක්. ඒ සඳහා Endgame ගත කළේ දින 11ක් පමණයි.

ඒ අනුව මෙතෙක් ලෝකයේ වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කියන Avatar හි වාර්තාව Endgame විසින් ඉතා ඉක්මනින් බිඳ හෙලීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *