ඊයේ උදේ ‘පොන්නියින් සෙල්වන්’ බලද්දී මට හිතුණේ, “දෙයියනේ, දර්ශන් ධර්මරාජ්ටත් මේකේ ඉන්න චාන්ස් එකක් ලැබුණා නං කොහොම තියෙයි ද” කියලා. අද උදේ නැඟිට්ටේ, දර්ශන් යන්න ගිහින් කියන නිව්ස් එක අරන් ආව එස්එම්එස් නොටිෆිකේෂන් එකට.
ලංකාවේ කලාවට අවශ්‍යම කරන හැඩයක්, කල’ එකක්, නීඩ් එකක්, දර්ශන් විසින් පිරෙව්වා. වෙනම කැරැක්ට’ එකක් විදිහට ඕන ස්ක්‍රීන් එකක හයිලයිට් කරලා ගන්න පුළුවන් ලස්සන පෙනුමක් දර්ශන්ට තිබුණා. නමුත් ඉන්දියාව අම්රිෂ් පූරිව තියන් හිටියා වගේ, ලංකාව දර්ශන්ව ගොඩක් නිර්මාණවල තියන් හිටියේ ඩිෆෝල්ට් විලන් විදිහට, ඩිෆෝල්ට් එල්ටීටීඊ කාරයා විදිහට, ඩිෆෝල්ට් දෙමළා විදිහට. ඒක දර්ශන්ට සිද්ධ වුණු වාසියක් වගේම අසාධාරණයක්. “අඩෝ අර ඕන වැඩකට සෙට් වෙන පට්ට ඇක්ටිං තියෙන දෙමළ නළුවා මචං” වගේ ටැග් එකක් ද දර්ශන්ට අපෙන් උරුම වුණේ කියන ප්‍රශ්නය කාලයක් තිස්සේ කල්පනා වුණු දෙයක්. නමුත් ලංකාව දර්ශන්ව අමතක කළේ නෑ. හොඳම නළුවා කළා. අවෝඩ්ස්වලත්, මිනිස්සුන්ගේ හදවතේත්, දර්ශන් හොඳම නළුවා වුණා. ඇගයීම ලැබුණා. කැටිපේ අයියා දාලා තිබුණා බිමල් දෙමළ මනුස්සයෙක් සහ දර්ශන් සිංහල මනුස්සයෙක් විදිහට ලියවුණු ටෙලියක් කරන්න ස්කෙච් එකක් ගහගෙන හිටියා කියලා. කළා නං ලස්සන වැඩක්.
නළුවෝ වෙන්න හීන දකින ඇමරිකන් කොල්ලෝ කෙල්ලෝ තමන්ට චාන්ස් එකක් ලැබෙනකං හෝටල්වල පිඟන් හෝදනවා, ට්‍රක් එළවනවා, ටැක්සි පදිනවා. එහෙම්මම නොවුණත් ලංකාවෙත් තරමක් දුරට සිද්ධි සමානයි. නළුවෙක් වෙන්න රක්වානේ ඉඳන් කොළඹ එන දර්ශන් තමන්ට චාන්ස් එකක් ලැබෙනකං පිටකොටුවේ මුට්ට කර ගහපු කතාව මේ වෙනකොට හැමෝම වගේ දන්නවා. ඇහැරුණු වෙලේ ඉඳන් නින්දට යනකං රඟපාන එක එක විදිහේ මිනිස්සු ලක්ෂ ගාණක් දවසට එහා මෙහා මාරු වෙන දුවන පනින ඇවිදින ගැවසෙන ගඳ ගහන පිච්චෙන තෙමෙන තැලෙන තැවෙන පිටකොටුවට වෙලා පිට උඩ මුට්ට තියාගෙන උඩ පහළ යනකොට අහන දකින පෙනෙන එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන දේවල් එක්ක, අමතර එෆ’ට් එකක් දදා රඟපාන්නේ නැති නැචුරල් නළුවෙක් වෙන්න අවශ්‍ය දේවල් ඔක්කොම දර්ශන්ගේ ඇඟට පිටකොටුවෙන්ම පත්තියං වෙන්න ඇති.
දර්ශන්ට නියමෙටම මැච් වෙන සොලිඩ් සිනමාවක් අල්ලපු රටේ තියාගෙන ලංකාවේ වැඩවලම යෙදිලා හිටියේ චාන්ස් එකක් නොලැබුණු නිසා ද, නැත්නම් ලංකාවට ආදරේ නිසා ද කියන්න මං දන්නේ නෑ. නමුත් දර්ශන් කියන්නේ වික්‍රම්, සේදුපති, ධනූෂ් එක්ක එක ෆ්‍රේම් එකේ ඉන්න ඕන මිනිහෙක්. ‘පොන්නියින් සෙල්වන්’ සිකුරාදා ස්පෙෂල් ෂෝ එක බලන්න දර්ශන් ගිහින් හිටිය ෆොටෝස් මං දැක්කා. මං පහුවෙනිදා උදේ ලිබ’ටි එකේ විස්ල් වරුසා මැද්දේ සොලී පුරාවත බැලුවා. ‘පොන්නියින්’ පුරා පේන්න තිබුණා චත්‍රගේ ‘ආලෝකෝ උදපාදි’ වයිබ් එක. මනි රත්නම්ට ශ්‍යාම්ව පෙනුණා වගේම දර්ශන්ව පෙනුණේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය දැන් වැඩිපුර දැනෙනවා.
දර්ශන්ව මං අන්තිමට දැක්කේ හේමාල් ඉන්න ‘Second Show’ ෆිල්ම් එක දින 50 කම්ප්ලීට් කරපු ෂෝ එක බලන්න සැවෝයි ප්‍රිමිය’ එකට ගිහින් ඉන්නකොට. ෆිල්ම් එක බලන්න කමල් අද්දරආරච්චිත් ඇවිත් හිටියා. දර්ශන්ට අවශ්‍ය වුණා කමල් එක්ක ෆොටෝ එකක් ගන්න. දර්ශන්ට තිබුණේ තරමක් පරණ ෆෝන් එකක්. “කමල් අයියා මට ඔයා එක්ක ෆොටෝ එකක් ගන්න පුළුවන් ද” කියලා අහලා, සැවෝයි ප්‍රිමිය’ එකේ ඉස්සරහට වෙලා, වෙන කෙනෙක්‍ට ෆෝන් එක දීලා ෆොටෝ එකක් ගත්තා. කැමරා මල්ලි කෙනෙක් ලව්වා හොඳ ෆොටෝ එකක් ගන්න මොකක් හෝ හේතුවක් නිසා ඒ වෙලාවේ පුළුවන්කමක් තිබුණේ නෑ. නමුත් කමල් එක්ක ගත්ත ෆොටෝ එක දර්ශන්ට ගොඩක් වටින බව මං දැක්කා.
මට දර්ශන් එක්ක තියෙන්නේ ෆේස් ටු ෆේස් මුණගැහිලත් හිනාවකට විතරක් ලිමිට් වුණු හමුවීම්. කවදාහරි දවසක කතා කරන්න ඕනේ කියලා හිතන් හිටිය මිනිහෙක්. ඒත්, තව කල් තියෙනවනේ කියලා හිතලා වැඩ කල් දාන එක තමයි අපේ ලොකුම වැරැද්ද.
දර්ශන් ගියා කියන එක තාමත් හිතාගන්න අමාරු නිව්ස් එකක්. දර්ශන් තව හිටියා නං කොච්චර හොඳ ද කියලා හිතෙනවා. ඒත් එක්කම, අවුරුදු 41ක් වෙද්දී දර්ශන් තමිල්නාඩුවේ නළුවෙක් වෙලා හිටියා නං මෙළහට කොයි වගේ ලෙවල් එකක ඉන්න තිබ්බා ද කියලා හිතෙනවා. ඔය ටැලන්ට් එකත් එක්ක ඉන්දියාවේම ඉපදෙන්න දර්ශන්. ‘මචං’ ෆිල්ම් එකේ රෙස්ට් රූම් එකේ අත පිහිදාන්න ටවල් දෙන අංකල් වෙනුවට අත වේලන මෙෂින් එක රිප්ලේස් වුණාම, දර්ශන් ඇවිත් මෙෂින් එක කුඩු කරලා දාලා යන සීන් එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
සුබ ගමන්, Darshan Dharmaraj.
සටහන – ෂෙනාල් ගුණසේකර –
ෆොටෝ අයිතිය – Udankumara photography See less