කල්කිගෙ “පොන්නියින් සෙල්වන්”

පොන්නියින් සෙල්වන් චිත්‍රපටිය බලන්න කලින් පොත ගැන වගේම ඉතිහාස කතාව ගැන දැනගන්න ගොඩක් දේ තියනව. ඒ ගැනයි මේ පෝස්ට් එක : (මෙතන නවල් එකේ කතාවට අදාල දේවල් වලින් 1% ක් වත් නෑ. කතාවට පදනමක් විතරයි. ඒ නිසා Spoiler Free)

කල්කි ක්‍රිශ්ණමූර්ති ලියපු පොන්නියින් සෙල්වන් බහුතරයක් අතර හැඳින්වෙන්නෙ දමිළ සාහිත්‍යයේ ලියවුණු විශිෂ්ඨතම නවකතාව. මේක මුලින්ම 1950 – 1954 කාලයෙ “කල්කි” කියන සතිපතා පලවුණ සඟරාවෙ කොටස් වශයෙන් තමයි පලවුනේ. පස්සෙ 1955 දි Volumes 5 කින් සමන්විත නවකතාවක් විදිහට එලි දැක්වෙනව.

1. புது வெள்ளம் – පුදු වෙල්ලම් – New Floods

2. சுழற்காற்று – සුලල් කාටෘ – Whirlwind

3. கொலை வாள் – කොලෛ වාල් – Sword of Slaughter

4. மணிமகுடம் – මණිමකුඩම් – The Crown

5. தியாக சிகரம் – ත්‍යාග සිගරම් – The Pinnacle of Sacrifice

MGR ඇතුළු දෙමළ සිනමාවෙ ගොඩ දෙනෙක් මේක සිනමාවට ගේන්න හැදුවට හරිගියෙ නෑ. මනි රත්නම් පවා 90 දශකයෙ මුල කාලෙ ඉඳන් උත්සාහ කලාට මේ වෙනකන් ඒක සාර්ථක වෙන්නෙ නෑ.

පොන්නියින් සෙල්වන් කතාව අපිටත් ගොඩක් සම්බන්ධයි මොකද මේක සිද්ධවෙන්නෙ අපේ අනුරාධපුර යුගය අවසානයේ.5 වෙනි මිහිඳු රජතුමාගෙ කාලෙ. මොකද මිහිඳු රජතුමාගෙ ඉතාමත් දුර්වල පාලනය වගේම අරුල්මොලි වර්මන් එහෙම නැත්නම් රාජ රාජ චෝලන්ගෙ ආක්‍රමණයත් අනුරාධපුර යුගයේ අවසානයට ගොඩක්ම බලපෑව.

මේ පහළින් එන චරිත කීපය වටා තමා පොන්නියින් සෙල්වන් කතාව දිගහැරෙන්නෙ :

සුන්දර චෝලන් ( Prakash Raj ) – මේ තමයි මේ වෙනකොට චෝළ රාජධානියෙ අධිරාජ්‍යා. දෙවනි පරාන්තක චෝල විදිහට ඉතිහාසයේ හැඳින්වෙන්නෙ. සුන්දර චෝලන් කියන නම වැටෙන්නෙ තරුණ කාලෙ ගොඩක් ලස්සන කෙනෙක් නිසා. මේ කාලෙනම් ගොඩක් අසනීප වෙලා ඉන්නෙ.

• නවල් එකේනම් සුන්දර චෝලන් සුළු චරිතයක්.ඒත් මෙයා වටා තමා කතාව දිගහැරෙන්නෙ

ආදිත කරිකාලන් ( Vikram ) – සුන්දර චෝලන්ගෙ දරුවන්ගෙන් වැඩිමලා. අවුරුදු දොළහෙ ඉඳන් යුද්ධ කරන මහා වීරයෙක් විදිහට හැඳින්වෙන්නෙ. මේ වෙනකොට කාන්චිපුරම් බලකොටුවෙ ඉන්නෙ. අවුරුදු කීපයකින් තන්ජාවූර් අගනුවරට ඇවිත් නෑ. කුන්දවෛ දේවි ( Trisha Krishnan ) – සුන්දර චෝලන්ගෙ දරුවන්ගෙ දෙවනියා. ජනතාව ගොඩක් ගරු කරපු චරිතයක්.අරුල්මොලි වර්මන් ( Jayam Ravi ) – සුන්දර චෝලන්ගෙ දරුවන්ගෙන් බාලයා. මේ කාලෙ වෙනකොට ලංකාවෙ ඉන්නෙ. මේ තමා කතාවෙ ප්‍රධානම චරිතෙ.පොන්නියින් සෙල්වන් කියන්නෙ මෙයාට.

• අරුල්මොලි පොඩි කාලෙ දවසක් පොන්නි නදිය එහෙම නැත්නම් කාවේරි ගඟට වැටිච්ච වෙලාවක කාන්තාවක් ඇවිත් බේරගෙන තියනව. මේ කාන්තාවව කවුරුත් දැකල නෑ. ඒ නිසා හැමෝම සැලකුවෙ කාවේරි මාතාවම ඇවිත් බේරගත්ත කියල. එහෙමයි පොන්නියින් සෙල්වන් “Son of Kaveri” කියන නම හැදෙන්නෙ.

• පලුවූර් රාණි නන්දිනී ( Aishwarya Rai ) – මේ චරිතෙ මිස්ට්‍රියක් විදිහට තියන එක හොඳයි. ෆිල්ම් එකේදි නන්දිනී ගැන දැනගන්න පුළුවන් වෙයි.

• ඓශ්වර්‍යා නන්දිනීට අමතරව මන්දාකිනි දේවි එහෙම නැත්නම් ඌම රාණි (The Mute Queen) චරිතයත් කරනව.

• වල්ලවරායින් වන්දියදේවන් ( Karthi ) – කතාවෙ වැඩිම රන් ටයිම් එකක් හම්බෙන චරිතෙ. වන්තියදේවන් කාන්චිපුරම් වල ඉඳන් තන්ජාවූර් වලට ආදිත කරිකාලන්ගෙ සන්දේශ දෙකක් අරන් එන තැනින් තමා කතාව පටන් ගන්නෙත්.

• පෙරිය පලුවීට්ටරයර් ( Sarath Kumar ) – චෝල අධිරාජ්‍යයේ භාණ්ඩාගාරික. යුද්ධ වලදි ලබපු තුවාල කැලැල් 64 ක් ශරීරය පුරා තියනව. මේ වෙද්දි තමන්ගෙ 60s වල ඉන්නෙ. තමන්ට වඩා ගොඩක් වයසින් බාල නන්දිනී දේවියව තමා විවාහ කරගෙන ඉන්නෙ.

• චින්න පලුවීට්ටරයර් ( Parthiban Radhakrishnan ) – පෙරිය පලුවීට්ටරයර්ගෙ බාල සහෝදරය. තන්ජාවූර් බලකොටුවෙ පාලනය මෙයාගෙ අතේ තමා තිබ්බෙ.

• මදුරාන්තකර් ( Rahman ) – චෝල අධිරාජ්‍යයේ සිහසුනට හරිම අයිතිය තිබ්බ කෙනා තමා මේ. කලින් අධිරාජ්‍යා වෙලා හිටපු ‘ගන්ඩරාදිත්තර්’ ගෙ පුතා.ගන්ඩරාදිත්තර්ගෙ අවසාන කාලෙ වෙනකොට මදුරාන්තකර් පොඩි ළමයෙක්. ඒ නිසා සිහසුන හම්බෙන්නෙ ‘අරින්ජය චෝලන්ට’ , ඊටපස්සෙ අරින්ජය චෝලන්ගෙ පුතා ‘සුන්දර චෝලන්ට’.

• මුලින් මදුරාන්තකර් රජකම ඕනෙ නෑ කියල හිටියත් නන්දිනී , පලුවීට්ටරයර් සහෝදරයො වගේ කීපදෙනෙක් මෙයාව බ්‍රේන්වොශ් කරල රජකමට ආසාවක් ඇති කරනව. (මෙතන තමයි හරියටම බැලුවොත් කතාවෙ මුදුන් මුල)

මං ඔය කිව්වෙ ඉතිහාස කතාවෙ ප්‍රධාන චරිත කීපයක් ගැන. නවල් එකේදි ඔය උඩ කියපු සමහර චරිත වලටත් වඩා ප්‍රධාන චරිත ඕන තරම් ඉන්නව. පූන්ගුලලි ( Aishwarya Lekshmi ) , මහ ඇමති අනිරුද්ද බ්‍රහ්මරායර් , අල්වාර්කඩියන් නම්බි ( Jayaram ) , සේන්දන් අමුදන් , වානතී දේවි( Sobhita Dhulipala ) වගේ.පොන්නියින් සෙල්වන් නවකතාව 100% ක් ඇත්ත කතාවක් නෙමේ. ඒ වගේම 100% ක් ෆික්ශන් එකකුත් නෙමේ. ඉතිහාසයේ සඳහන් වෙන චරිත කීපයක ජීවිත කතාවන් එකතු කරල කල්කි ක්‍රිශ්ණමූර්ති කරපු ලස්සන වැඩක්. බලමු මනි රත්නම් මේක කොහොම කරලද කියල.#PonniyinSelvan

සටහන රවිඳු දේශාන්, ~ Indian Cinema Fan Club ~ භාරත සිනමා රසික සංසදය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *